දමිතා සහ සැමියා ඇප ලබා දෙන ලෙස ඉල්ලයි

Published in පුවත්
Wednesday, 28 February 2024 16:48

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.එසේම මෙම පැමිණිල්ල පරිගණක අපරාධ අංශයට යොමුකර ඇත්තේ ඇයිදැයි සිතාගත නොහැකි බවද අජිත් පතිරණ  පැවැසුවේය.

ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us