අලි-පොහොට්ටු අයවැයට ඇල්පිටියේදී ජවිපෙන් ජැක් එකක්. ඒත් පරාදයි.

Published in පුවත්
Wednesday, 28 February 2024 16:44

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අද දින (28) පැවැත්විනි.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්ද විමසීම මින් පෙරද තෙවතාවක් පරාජය වීම හේතුවෙන්‍ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා හට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් ඉක්බිතිව පත්වූ නලීන් ප්‍රියදර්ශන සභාපතිවරයා විසින් ඉඳිරිපත් කළ අයවැය සඳහා අද ඡන්ද විමසීම පැවතුනි.

මෙහිදී ආණ්ඩුවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 12 කි. මෙහි විශේෂත්වය නම් ජාතික ජන බලවේගයේ K.A.D උදය ප්‍රියන්ත මන්ත්‍රීවරයාද පොහොට්ටුව ඉඳිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

එසේ වුවද, සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මෙහෙයවුනු විපක්ෂයේ ඡන්ද සටනට, පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් පිරිසකගේද සහාය ලැබුනු අතර විපක්ෂය ලැබූ මුලු ඡන්ද සංඛ්‍යාව 14 කි. නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3 කි. ඒ අනූව ජාතික ජන බලවේගයේද සහාය ලැබුනු අලි-පොහොට්ටු අය වැය වැඩි ජන්ද 2 කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම පරාජය කරන ලදී.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙන ලද්දේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක සහ පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us