උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

Published in පුවත්
Thursday, 29 February 2024 09:26

පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ, උෂ්ණ කාලගුණයක් පවතින දහවල් කාලයේ හැකිතාක් එළිමහනේ කටයුතු කිරීම අවම කරන ලෙසයි.

පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටි.

මෙහිදී, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

මේ අතර අද (29) සහ හෙට (01) උෂ්ණත්වය අධික අවස්ථාවන්හි එළිමහනේ ළමුන් රැඳවීමෙන් වළකින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු, ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට ළමුන් යෙදවීමෙන් වළකින ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව සඳහන් වේ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us