පුද්ගලයන් 7000ක් අස්වැසුමට හොර කරලා

Published in පුවත්
Thursday, 29 February 2024 09:34

මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ. ඒ, ඔවුන් ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙනි.

සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගත් පුද්ගලයින්ට ලබා දුන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ ය.

මේ අතර අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර Online ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි.

ඒ අනුව දෙවන අදියරේ අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනි දායින් අවසන් වනු ඇත.

අස්වැසුම සඳහා අලුතින් සුදුසුකම් ලබන පවුල් ලක්ෂ 24කට, ජුනි මාසයේ සිට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us