අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ අද (04) සිට ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව බදු ක්‍රමයේ විශාල වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති අතර දැනට පවතින 18% ක වැට් බද්ද 15% දක්වා නැවත අඩු කෙරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය හෙට නිකුත් කිරීමට නියමිතයි.

මහත් ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයට සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු බලධාරින් හෙට (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Connet With Us