විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Published in පුවත්
Monday, 04 March 2024 08:11

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35ක පරිහරණ ගාස්තුවක් අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද සිට කටයුතු කිරීමට නියමිත බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

එමඟින් බෙදාහැරීමේ කටයුතු සඳහා දෛනිකව දරණ වියදම් අවරණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේය.

-P.M

Last modified on Monday, 04 March 2024 08:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us