සිංහල අවුරුදු මාසෙයේ සිට ලොකු පල්ලමක්  

Published in පුවත්
Sunday, 03 March 2024 11:23

ලබන අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව බදු ක්‍රමයේ විශාල වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති අතර දැනට පවතින 18% ක වැට් බද්ද 15% දක්වා නැවත අඩු කෙරෙනු ඇත.

පසුගියදා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණේ ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවය.

රජය මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව මේ වන විට රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට අණාවරණය කර තිබු අතර රටට ආදායමක් එන ආයෝජන සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් බිලියන 300 ක් වෙන් කර තිබෙන බව සඳහන් කර තිබිණි.

ඒ අනුව ආහාර මත පනවා තිබෙන බදු අඩු කිරීමට අමතරව විදුලි බිල අඩු කිරීම,ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මාසයේදී ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 300-280 අතර අගයක පවත්වාගෙන යාම තම ඉලක්කය බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එසේ වුවහොත් බඩු මිල තවදුරටත් අඩුවන බව පැවැසූ බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වන විටත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව සැලසුම් සකසමින් සිටින බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් තෙල් සහ විදුලිය සහන මේ මස ලබාදීමට ආණ්ඩුව මීට පෙර සූදානම් වී සිටියත් අප්‍රේල් මාසයේ මෙම සහන මල්ල සමඟ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us