2020 ජනවාරියෙන් පසු සංචාරක ක්ෂේත්‍රය ඉහළම ආදායම වාර්ථා කරයි.

Published in පුවත්
Friday, 01 March 2024 15:13

විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව මහ බැංකුව අද (01) ඉදිරිපත් කර තිබුණි.

ඊට අනුව 2024 ජනවාරි මස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 342කි.

එය 2023 දෙසැම්බරයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 269ක සංචාරක ඉපැයීම් සහ 2023 ජනවාරි මාසයේ වාර්තාවූ අමෙරිකානු ඩොලර් මිලියන 154ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළයාමක් බව සඳහන් වේ.

එමෙන්ම 2020 ජනවාරි මාසයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය වාර්තා කළ ඉහළම ආදායම ද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 

මේ අතර, මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 978ට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 971ක් ලෙස 0.8%ක සුළු පහළ යාමක් වාර්තා කරයි.

එමෙන්ම වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟයද ආනයන ඉහළ යාමත් සමග 2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 445ට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 547ක් දක්වා පුළුල් වී ඇති බව සඳහන් වෙයි.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද 2024 ජනවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 488ක වර්ධනයක් සටහන් කර ඇති බවත් මහ බැංකු වාර්තාවේ සඳහන් විය.

2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 437ක ප්‍රේෂණවලට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ වර්ධනය වුවත් 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 570ට සාපේක්ෂව එය පහත වැටීමක් ලෙස සැලකිය හැකිය.

මෙරට දළ නිල සංචිත 2024 ජනවාරි මාසය වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීන මහජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඊට ඇතුළත් වෙයි.

Last modified on Friday, 01 March 2024 19:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us