බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබේ.

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊලෝන් පස්සට යයි

Published in විදෙස්
Tuesday, 05 March 2024 16:11

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන අනුව චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශවල ධාරිතාව මෙගාවොට් එක බැගින් පාවෙන සූර්ය විදුලි බලාගාර නියමු ව්‍යාපෘති දෙකක් (02) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව අනුව පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් වුවද කැඳවීමේ හැකියාවක් පවතින බවය.

රාජ්‍ය නිලධාරීන්ට  පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස   මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේ දි පවසා තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා  ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (4) කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර හමුවිය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි.

Connet With Us