ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉහළ පෙලේ රුසියානු ආයෝජක පිරිසක් ශ්‍රී ලංකාවට

Published in පුවත්
Tuesday, 05 March 2024 12:20

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා  ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (4) කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර හමුවිය.

සැපයුම්, නැව් නිෂ්පාදන, වරාය යටිතලතල පහසුකම් සංවර්ධන, තොරතුරු තාක්ෂණය, බැංකු හා මූල්‍ය, විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.  

ඒ අනුව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ මග පෙන්වීම යටතේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව දූත පිරිස දැනුවත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් රුසියානු දූත පිරිසේ ප්‍රධානී ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas , රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපර්ශීය වෙළඳ කටයුතු ඉහළ මට්ටමක පවතින අතර රුසියාව ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ රැසක් ආනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා දියුණු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් මෙවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව රුසියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර ප්‍රකාශ කළේ ලෝකයේ හොඳම ඛණිජ වැලි ලංකාවේ ඇති බවත් ආයෝජන අවස්ථා රැසක් එහි ඇති බවය. එසේම ග්‍රැෆයිට්, රොබොටික්, බෝට්ටු හා නැව් නිෂ්පාදනය, රබර් හා ප්ලාස්ටික්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු , ආහාර පාන යන කර්මාන්ත ක්ෂේත්‍රවලද නව ආයෝජන අවස්ථා පවතින බව පැවසූ ඇය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සැලසුම් කර ඇති විද්‍යුත් බස් රථ නිෂ්පාදනය පිළිබඳවද රුසියානු ආයෝජක පිරිස දැනුවත් කළාය. එසේම කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම වසරේ ජුනි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන "International Industry Expo 2024 Sri Lanka" අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස රුසියානු කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට තිලකා ජයසුන්දර මෙහිදී ආරාධනා කළාය.

WhatsApp Image 2024 03 05 at 11.10.55 df50cd39

WhatsApp Image 2024 03 05 at 11.10.50 81130779

WhatsApp Image 2024 03 05 at 11.10.54 5f296b08

 

                                                                                                                                      

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us