කාලගුණේ තවත් නරක අතට. නිතර වතුර බොන්න හෙවනක ඉන්න

Published in පුවත්
Tuesday, 05 March 2024 09:41

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය.

මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) නිකුත් කර තිබුණි.

එම නිවේදනය අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර වැඩබිම්ව තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසත්ය.

කෙසේ වෙතත් මෙම උෂ්ණාධික කාලගුණය හේතුවෙන් විජලනය ආදී තත්වයන් ඇති වන නිසා පාසල් දරුවන්, වැඩිහිටියන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුව සිටින පුද්ගලයන් රෝහල්ගතවීම වැඩි වීම් තිබෙන බව වාර්තා වේ.

මෙම කාලගුණික තත්වය ලබන අප්‍රේල් වන තුරුම පවතින බවත්  මෙලෙස තවදුරටත් වර්ධනය වුවහොත් එය විශාල අනතුරක් වනු ඇති බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.

එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ජලය පානය කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි. 

 

Last modified on Tuesday, 05 March 2024 10:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us