රැවටෙන්න එපා !

Published in පුවත්
Tuesday, 05 March 2024 09:25

කෘෂි කාර්මික අංශයේ දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශය අවධාරණය කරන්නේ , කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසයි,

කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.
දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us