ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාවයත්, නීතිවල පවතින දුර්වලතා, හිඩැස් මෙන්ම ව්‍යාජ වෛද්‍යවරුන් සොයා ගැනීමට සහ ලුහුබැඳීමට මානව සම්පත් හිඟය හේතුවෙන් මිනිසුන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන බවත් ඔහු පෙන්වා දී තිබිණි. එසේම රටේ පවතින ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාවය හමුවේ අසරණ රෝගීන් ව්‍යාජ වෛද්‍යවරුන් වෙත යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
මෙවැනි තත්ත්වයන් යටතේ සාමාන්‍ය රෝගී තත්ත්ව වල සිට බරපතළ හා සංකීර්ණ තත්ත්වයන් දක්වා ප්‍රතිකාර සඳහා මෙම නීතිවිරෝධී වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීමට රෝගීන් යොමු වෙමින් සිටින බව සංගමය සඳහන් කළේය. ඇතැම් රෝගාබාධ සඳහා විද්‍යාත්මක පදනමකින් තොරව විශේෂ ප්‍රතිකාර ඇති බව පවසමින් ඔවුන් නීති විරෝධී ප්‍රතිකාරයන් සිදු කරන අතර, ගබ්සාවන්, පිළිකා, වකුගඩු රෝග සහ හෘද රෝග සඳහා පවා ප්‍රතිකාර කරන බවද වෛද්‍ය වරු පෙන්වා දෙයි.
පසුගිය කොවිඩ්-19 වසංගතය තත්වයන් මේ ජාවාරම්කරුවන්ගේ වර්ධනය සඳහා ප්‍රධාන සාධකයක් වූ ඇති බවත් වසංගතය සමඟ කටයුතු කිරීමේදී වෛද්‍යවරුන් කාර්යබහුල වීමත් සමඟ ඔවුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර සාමාන්‍ය සම්බන්ධතාව තරමක් කඩාකප්පල් විය. අගුලු දැමීම් සහ සමාජ දුරස්ථභාවය ද රෝගී-පවුලේ වෛද්‍ය සම්බන්ධතාවලට බලපාන වෙනත් හේතු විය. තවද, Covid-19 මර්දනයේදී වඩාත් තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම හා සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එය හොර ජාවාරම්කරුවන්ට ක්‍රියාත්මක වීමට සරු බිමක් විය.
පසුව ඇති වූ ආර්ථික අර්බුදය හොර ජාවාරම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තවත් හේතුවක් විය. ආර්ථික පසුබෑම සහ එහි ප්‍රතිවිපාක ඖෂධ මිල ඉහළ යාමට මග පෑදීය. වෛද්‍යවරයා විසින් නියම කරන ලද සම්පූර්ණ ඖෂධ මිලදී ගැනීමට හෝ ලබා ගැනීමට නොහැකි වූ රෝගීන් ෆාමසියෙන් දින එකකට හෝ දෙකකට ප්‍රමාණවත් ඖෂධ මිලදී ගත් අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝග විනිශ්චය ලබා ගත් ස්ථානයට ආපසු යෑමේ කාලයන් දිගු විය.
ඉහළ මිල ගණන් සහ මිථ්යාවන්
පවතින ආර්ථික අර්බුදයත් සමඟ කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 2000 දක්වා ඉහළ ගියා. එසේම ඇතැම් වෘත්තීය ගාස්තු සහ අනෙකුත් ගාස්තු ද දෙගුණයකින් හෝ තුන් ගුණයකින් ඉහළ ගියා. නමුත් ඒලෙස වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වෛද්‍ය ගාස්තු වැඩිකර නැහැ ඔවුන් තවමත් අය කරන්නේ Covid-19 වසංගතයට හෝ ආර්ථික අර්බුදයට පෙර අය කළ මුදලම ය. නමුත් ඖෂධ මිල වැඩිවෙලා.” වෛද්‍ය හේරත් පැවසීය.
“නමුත් ඖෂධ/ඖෂධවල මිල වැඩි වීම නිසා රෝගියෙකු හොර වෙළෙන්දෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු නම්, ඔහුට හෝ ඇයට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවනු නොඅනුමානය.
“ව්‍යාජ වෛද්‍යරුන්ගේ ප්‍රතිකාරවලින් රෝගීන් සුව නොවේ,” එසේම ඔහු පෙන්වා දුන්නේ රෝගියා වෛද්‍යවරයා හමුවීමට කිහිප වතාවක්ම ගෙවන බවත්, වැඩි වියදම් දැරීමට සිදුවන බවත්ය. ලියාපදිංචි වෛද්‍යවරයකු නම්, ඔහු හෝ ඇය රෝගියා රජයේ රෝහලකට හෝ අදාළ වෛද්‍යවරයකු වෙත යොමු කරයි. " නොදැනුවත්කම නිසා රෝගීන් හොර ජාවාරම්කරුවන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම නිසා බරපතල රෝගයක් පැතිරීමට හෝ රෝගියාගේ තත්වය තවත් උග්‍ර කිරීමට හේතු විය හැක."
අර්බුදය විසඳීම?
වෛද්‍ය හේරත් පෙන්වා දෙන ලෙස ආර්ථික අර්බුදය සහ දරිද්‍රතා මට්ටම ඉහළ යාමත් සමඟ රෝගීන් හොර ජාවාරම්කරුවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. ඒ වගේම විවිධ උපක්‍රම යොදාගෙන රෝගීන් තමන් වෙත ඇද ගැනීමේ ක්‍රම මේ ව්‍යාජ වෛද්‍යවරුන් සිදුකරයි. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ හොර ජාවාරම්කරුවන් අතර වෙනස පමණක් නොව ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳවද මහජනතාව දැනුවත් විය යුතුය.
තවද මෙම ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහි නීති ශක්තිමත් කළ යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කළ යුතුය. මෙම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික දැනුම ලබාදිය යුතුයි. සැකයෙන් තොර සහ අසරණ රෝගීන්ට සශ්‍රීක වීමට හොර ජාවාරම්කරුවන්ට උපකාර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද පියවර ගත යුතු බවත් වෛද්‍ය හේරත් පැවසීය.
මෙම හොර ජාවාරම්කරුවන්ට ඖෂධ සහ උපකරණ සපයන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරම ඔවුන්ගේ සැපයුම් ලියාපදිංචි කිරීමේ නාලිකාව අවලංගු කිරීමට ද පියවර ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ‘ව්‍යාජ වෛද්‍යවරුන්’ පිළිබඳ සොයා බලන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් තවමත් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවත් ඔවුන් පවසයි.
නීතිමය පැති
ශ්‍රී ලංකාව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර ලැබෙන සහ සපයන පනත් තුනක් ඇත. නවීන වෛද්‍ය විද්‍යාව / ඇලෝපති වෛද්‍ය විද්‍යාව සඳහා වෛද්‍ය ආඥාපනත, ආයුර්වේද වෛද්‍යවේදය සඳහා වන ආයුර්වේද පනත සහ හෝමියෝපති ප්‍රතිකාර සඳහා වන හෝමියෝපති පනත මගින් එලෙස අවසර දෙනු ලැබේ.
මෙම පනත් මගින්, ඔවුන්ගේ නම් කරන ලද වෛද්‍ය පරිචය අනුව අදාළ වෘත්තිකයන්ට පමණක් ප්‍රතිකාර කිරීමට අධිකාරිත්වය ලබා දෙයි. පනත්වල පැහැදිලිව දක්වා ඇති ප්‍රතිකාර හැර වෙනත් වෛද්‍ය ප්‍රතිකාරයක් කරන ඕනෑම වෛද්‍යවරයකු ව්‍යාජ වෛද්‍යවරුන් ගණයට වැටේ.
ව්‍යාජ වෛද්‍යවරයකු නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා වන නීතිය ‘වෛද්‍ය ආඥාපනත’ය. ඊට අමතරව ජාතික ඖෂධ නියාමන පනතේ (NMRA) විධිවිධාන ද යෙදිය හැකිය. පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමන පනත (PMIRA) ද තිබේ. “එමෙන්ම MBBS සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින අඩු සුදුසුකම් ලත් හෝ සුදුසුකම් නොලබන අයකු විසින් ප්‍රතිකාර ලබා දීමෙන් රෝගියකුට ඇති වන සංකූලතා මත වෛද්‍ය වෘත්තියේ නියැළෙන සුදුසුකම් නොලත් පුද්ගලයකු අපරාධ නීති සංග්‍රහය යටතේ යුක්තිය ඉදිරියට ගෙන යා හැකි බවත් දණ්ඩ නීති සංග්‍රහයේ නිශ්චිත වගන්ති යටතේ ද මේ අයව නීතිය හමුවට පමුණුවන්න පුළුවන් බවත් වෛද්‍ය හේරත් පෙන්වා දෙයි.
වංචා හඳුනා ගැනීම
දැනට ශ්‍රී ලංකාවේ ව්‍යාජ වෛද්‍යවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා මෙවැනි ප්‍රතිපාදන ඇති නමුත්, ඇතැම් පනත්වල යම් යම් සංශෝධන සිදු කළ යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි. මේ නීතිවල අඩුපාඩු නිසා මේ ක්වාක් දොස්තරලා (Quack Doctor)නීතියේ සමහර හිඩැස් පාවිච්චි කර පැන යෑමත් සුලබය.
අවාසනාවකට, MBBS සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ හොරුන් කවුදැයි හඳුනා ගැනීමේ උභතෝකෝටික ප්‍රශ්නයට රෝගීන් සහ මහජනතාව මුහුණ දී සිටිති. ඉංග්‍රීසි භාශාවේ Collins ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ක්වාක් ඩොක්ටර්' (Quack Doctor) යනුවෙන්, වෛද්‍ය විද්‍යාව පිළිබඳ සුදුසුකම් නොලත් නමුත් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයන්ව හඳුන්වයි.
අර්බුදය විසඳීම
ආර්ථික අර්බුදය සහ දරිද්‍රතා මට්ටම ඉහළ යාමත් සමඟ රෝගීන් හොර ජාවාරම්කරුවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බවයි. ඒ වගේම විවිධ උපක්‍රම යොදාගෙන රෝගීන් තමන් වෙත ඇද ගැනීමේ ක්‍රමයන්ද මේ ව්‍යාජ වෛද්‍යවරුන් භාවිතා කරති.
තවද මෙම ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහි නීති ශක්තිමත් කළ යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කළ යුතුය. මෙම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික දැනුම ලබාදිය යුතුයි. ව්‍යාජ වෛද්‍යවරුන්ට උපකාර කරන පුද්ගලයින්ට, ස්ථාන ලබාදෙන පුද්ගලයන්ට එරෙහිවත් නීතිමය පියවර ගැනීමට පියවර ගත යුතු බව වෛද්‍ය හේරත් පවසයි. එසේම මෙම ජාවාරම්කරුවන්ට ඖෂධ සහ උපකරණ සපයන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරම ඔවුන්ගේ සැපයුම් ලියාපදිංචිය අවලංගු කිරීමට ද පියවර ගත යුතුය.
"අවාසනාවකට, ශ්‍රී ලංකාවේ 'ක්වාක් ට්‍රැකින්' නැතිනම් හොර වෙදුන් ග්‍රහණය කරගැනීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක නොවේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සංවර්ධන ඒකකය (The Private Health Sector Development Unit of the Health Ministry ) 'ක්වාක්ස් මැඩලීමේ කේන්ද්‍රස්ථානයක්' (quack tracking system in place) මෑතකදී පිහිටුවා තිබෙනවා. ලිපියක් මගින් ඔවුන්ට මෙම නීතිවිරෝධී වෛද්‍යවරුන් පිළිබඳව දැනුවත් කිරීමක් කළ හැකියි.” යැයි වෛද්‍යවරයා අවධාරණය කරයි.
'ක්වාක්ස් මැඩලීමේ කේන්ද්‍රස්ථානය'
පෞද්ගලික සෞඛ්‍ය ආයතන සංවර්ධන ඒකකය
මෙඩි හවුස් ගොඩනැගිල්ල,
ටෙක්නිකල් හන්දිය,
කොළඹ 10.
ඉදිරියේදී මෙම කේන්ද්‍රස්ථානය හරහා හොර වෙදුන් වැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට වෛද්‍ය හේරත් ප්‍රතිඥා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අදාළ බලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම පුහුණුව සහ නීති ආධාරලබාදීම තුළින් මෙම හොර ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත්, රටේ නීතිය ශක්තිමත් කිරීමටති වැඩි යමක් කළ හැකිය. එසේ නොමැතිනම්, පසුගිය මාස කිහිපය තුළ අමාත්‍යාංශයට ඇති කර ගත් කළු ලප සියල්ල සමඟම, හොරු වෙදුන් විසින් කරන ලද සියලුම පාපවලට තවදුරටත් අවමානයට හා ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත.