නියගයෙන් පීඩාවිදි ඇතැම් ප‍්‍රදේශවලට මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතී.හම්බන්තොට සහ අම්පාර යන ප‍්‍රදේශවලට තවමත් වැසි අඳුර මිස වැසි ලැබී නොමැත. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙරල සූරියවැවල තිස්සමහාරාම, හම්බන්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නියඟය දැඩි ලෙස බලපා ඇත.

2015 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන් සම්පූර්ණයෙන්ම ක‍්‍රිකට් තරඟවලින් සමු ගන්නා බව ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් මහතා අද කොළඹ  (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ජනතාව විදුලිබල ඇමතිනියගේ මායම්වලට හසුවී ඇති බවයි.

පසුගිය කාලයේ විටින් විට සීගිරියේ දී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථා ගණනාවකදීම දෙබර ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය.
පසුගියදා ශ‍්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණ අනතුරට පත් ප‍්‍රංශ ජාතික තරුණියකට ලංකාවෙන් සලකා තිබෙන ආකාරය මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ කළු පැල්ලමක් එක්කරන්නකි.

ලබන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන 38 වැනි මොන්ට්‍රියෙල් ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට මෙරට සිනමා පටි දෙකක් සඳහා අවස්ථාව ලැබී තිබේ.

ඔළු දෙකක් සහ එක ඇසක් සහිත වසු පැටියකුට මොරොක්කෝවේ එළදෙනක් උපත ලබාදී තිබේ.

ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.

රජයට සම්බන්ධ බලවතුන් බාරයේ හොරෙන් අල්ලාගන්නා ලද අලි පැටවුන් 23 දෙනෙකු සිටින බවට සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීන් වන සන්දීත් අමරසිංහ හා හේෂාන් විතානගේ යන මන්ත‍්‍රීවරු පළාත් සභා රැස්වීමේදී චෝදනා කළහ.

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා පිල අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකා පිලට ලකුණු 105ක විශිෂ්ඨ ජයක් හිමි විය.

Connet With Us