ඉන්දියාවේ පුත්තපාර්ති ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරයක් නිමා කර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රිකිල්ලගස්කඩ මූලික රෝහ‍ලේදී හදිසියේ මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ (18) සමුගත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් නිර්මාණය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ  (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. 



රුපියල් 1,386,000 ක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා යයි පවසමින් ලබා ගෙන විශ්වාසය කඩ කරන ලද බවට වූ චෝදනාවකට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ටෙලි නාට්‍ය ශිල්පී සේනක විජේසිංහට විදේශ ගත වීම වළකාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් පද්ධතියක් අකී‍්‍රය කර ඇතැයි වාර්තා වේ.

එන්නතක් විස වී වෛද්‍යවරියක මිය ගිය බම්බලපිටිය රුපලාවන්‍යගාරයට මීට ඉහත දී සැත්කම් සඳහා පැමිණි පුද්ගලයන් හයදෙනකු සිය ජිවිත බේරාගෙන ඇත්තේ අනුනවයෙන් බවත් මිය ගිය වෛද්‍යවරිය වෙත ලබා දුන් එන්නත පවා කල් ඉකුත් වුවක් බවට සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා ඊයේ(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබිදීන් මහතා වෙත දැනුම් දුන්නේය.

මේ අම්මා සොයා ය යුතු කාලයයි. අගේ උණුහුම අතැර අපි පැමිණියේ කොහේටද?

අපි, අභ්‍යවකාශය කියා පොළව කැන්නෙමු. අපි රෝස කියා පතොක් සිම්බෙමු. අපි නිම්නයක සැරිසරමුව කියා කළල් දියේ කරවටක් ගිලුනෙමු. අපි ලා තණ නිල්ලය කියා අන්දර ගාලේ වැතිරී උන්නෙමු. අපි රස මසවුළුය කියා පොල්කටු මේස මත නමා රස කරමින් පස් කෑවෙමු.

කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සභාපතිවරයා, නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ  (18) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර විය. 

එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මීළඟ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී පත් කරනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පැවැසීය.

එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ පිහිටි නිවසට 2013. 12. 30 වැනිදා අනවසරයෙන් ඇතුළු වී ලැප්ටොප් පරිගණයක් ඇතුළු භාණ්ඩ සොරා ගැනීම මත වරෙන්තු ලබා සිටින සැකකරු දෙවන වතාවටත් අධිකරණයට අද (18) නොපැමිණීම හේතුවෙන් සැකකරුට හා ඔහුගේ ඇපකරුවන් 2 දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රා‍ත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබේ.

Connet With Us