බම්බලපිටිය රූපලාවණ්‍යාගාරයට පැමිණි 6ක් බේරාගෙන ඇත්තේ අනූනවයෙන්

Published in පුවත්
Tuesday, 19 August 2014 09:26

එන්නතක් විස වී වෛද්‍යවරියක මිය ගිය බම්බලපිටිය රුපලාවන්‍යගාරයට මීට ඉහත දී සැත්කම් සඳහා පැමිණි පුද්ගලයන් හයදෙනකු සිය ජිවිත බේරාගෙන ඇත්තේ අනුනවයෙන් බවත් මිය ගිය වෛද්‍යවරිය වෙත ලබා දුන් එන්නත පවා කල් ඉකුත් වුවක් බවට සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා ඊයේ(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබිදීන් මහතා වෙත දැනුම් දුන්නේය.

සිය සිරුරේ මේදය ඉවත් කිරීමට පැමිණි ළමා රෝහලේ වෛද්‍යවරියක එන්නතක් විස වී මිය යාමේ සිද්ධිය ඊයේ යළි අධිකරණයේ කැඳවු අවස්ථා‍‍වේ දී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කෙළේය.

සිද්ධිය වු ස්ථානයට රජයේ රස පරික්ෂක, සෞඛ්‍ය කණ්ඩායම්, නිර්වින්දන කණ්ඩායම්, ශ්වසන වෛද්‍ය කණ්ඩායම් හා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් පැමිණ පරික්ෂණ පැවැත්වු බව පැවසූ ජයරත්න මහතා අධිකරණ වෛද්‍ය වාර්තා ඇතුළු සෙසු වාර්තා තමන් වෙත ලැබී නැති බව පැවසීය.

තවද මේ රූපලාවන්‍යගාරයේ හෙදියන් ලෙස සේවය කරන සේවිකාවන් අවම තරමේ අපොස .සා.පෙළවත් සමත්ව නැති බවත් රෝගීයකුට ප්‍රථමා‍ධාරයක්වත් කිරීමට නොහැකි ඔවුන් සතුව අවම තරමේ ප්‍රථමාධාර පෙට්ටියක්වත් නොතිබුණු බව පැවසීය..

මේ හෙදියන් ලෙස සේවය කළ අය රෝගීන් බලා කියා ගන්නත් වෛද්‍ය මධ්‍යස්ථානය පිරිසුදු කරන්නට පමණක් සුදුසු අය බව පැවසූ පොලිස් අධිකාරිවරයා ඔක්සිජන්, ට්‍රොලියක්, ගිලන් රථයක් නොමැති මේ මධ්‍යස්ථානය මඟින් රෝගීන්ගේ ජීවිත නිරන්තරයෙන් අවදානමට ලක් කර ඇතැයි පැවසීය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වු උප පොලිස් පරික්ෂක වජිර ධනපාල මහතා පැවසුවේ මිය ගිය වෛද්‍යවරියට ලබා දී ඇති එන්නත කල් ඉකුත් වුවක් බවත් කැනියුලා හා තවත් කල් ඉකුත් වු ඖෂධ මේ මධ්‍යස්ථානයේ තිබි සොයා ගත් බවය.

තවද මේ සැකකරු ඇප මත මුදා හැරියහොත් වෛද්‍යවරුන් පවා වෘත්තිය ක්‍රියා මාර්ගවලට එළඹිය හැකි බව පැවසූ පොලිසිය සැකකරුට ඇප ලබා දීමට තරයේ විරෝධය එල්ල කෙළේය.

ට්‍රොලියක් ගිලන් රථයක් නොමැති වෛද්‍ය මධ්‍යස්ථාන කීයක් අද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනවා ද? ඒ හැම වෛද්‍යවරයෙක් ම අද රක්ෂිතබාරයේ ඉන්නේ ද? මේ මධ්‍යස්ථානය වසර 2009 සිට මේ දක්වා සැත්කම් 2000කට අධික ප්‍රමාණයක් සිදු කරලා පවත්වාගෙන ගෙන ගොස් තිබෙනවා.එතකොට පොලිසිය නිදා ගෙන හිටියේ දැයි ? සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා මෙහිදී පොලිසියෙන් ප්‍රශ්න කළේය.නීතිඥ වසන්ත පිටිගල මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට ශල්‍යකර්මය සඳහා සැකකාර වෛද්‍යවරයාට ලබා දුන් රුපියල් 90.000ක මුදල සැමියා වෙත ලබා දෙන ලෙසට ඉල්ලීමක් කෙළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මියගිය අය ‍ශල්‍ය වෛද්‍යවරියක් වන බවත් ඇය තමාට අසාත්මිකතාවයක් නොමැති බවට වෛද්‍යවරයාට උපදෙස් දී ඇති බවය.

මේ හේතුව මත මාගේ සේවාදායකයා බන්ධනාගාරගත කර හැකි ද? වෛද්‍ය වාර්තාවන්ට ඔහුට බලපැම් කළ නොහැකි රජයේ රස පරික්ෂක වාර්තාවන්ට බලපැම් කළ නොහැකියි පොලිසිය පවසන අන්දමට මේ සිද්ධියේ උණුසුමට පමණක් ම මාගේ සේවාදායකයා රිමාන්ඩ් කළ හැකි ද?

‍වෛද්‍ය මධ්‍යස්ථානයට බලපත්‍ර නැහැ.මියගිය වෛද්‍යවරිය මේ ස්ථානයට පැමිණ ඇත්තේ පස්වරු 1.30ට ,එන්නත ලබා දී ඇත්තේ 1.40ට මිය ගොස් ඇත්තේ පස්වරු 3.00ට මේ විශාල කාලපරාසය තුළ දී රෝගියාගේ ජිවිතය බේරාගන්න සැකකරුට ක්‍රියා කරන්න තිබුණේයැයි පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කෙළේය.

අමෙරිකාවේ ලබා ගත් සහතිකය මෙහිදි විනිසුරු වෙත සැකකරු ඉදිරිපත් කළ අතර එය පරික්ෂා කළ විනිසුරුවරයා පෙරලා ප්‍රශ්න කරමින් පැවසුවේ එහි ඇති කොන්දේසි දෙකක් වන ශල්‍යකර්ම සිදු කිරීම හැර සෙසු වෛද්‍ය කටයුතු පවත්වාගෙන යාම හා හදිසි අවස්ථාවකදී මැඬ පැවැත්විය යුතු යන කරුණු සැකකරු විසින් උල්ලංගණය කර ඇති බවට අධිකරණයට කරුණු තහවුරු වන බවය..

ඒ අනුව සැකකරු තවදුරටත් මේ මස 25වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් පරික්ෂණ වාර්තා කැඳවන ලෙසට පොලිසියට නියම කරමින් මරණ පරික්ෂණයේ සාක්කි කැඳවීම මේ මස 22 වන දිනට කල් තැබුවේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි ජී.ජයරත්න,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් මේත්තානන්ද ,උප පොලිස් පරික්ෂක වජිර ධනපාල හා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ වසන්ත පිටිගල මහතා පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා පෙනී සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us