රිකිල්ලගස්කඩදී මිය ගියේ ඉබෝලා රෝගියෙක්ද?‍

Published in පුවත්
Tuesday, 19 August 2014 09:58

ඉන්දියාවේ පුත්තපාර්ති ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරයක් නිමා කර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රිකිල්ලගස්කඩ මූලික රෝහ‍ලේදී හදිසියේ මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 

තද උණ, වමනය, පාචනය, හා මස්ගොබ වේදනාව වැනි රෝග ලක්ෂණ සහිතව මෙම රෝගියා රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති මෙම පුද්ගලයා පසුව මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.


මෙම හදිසි මරණය මී උණ රෝගය නිසා සිදුව ඇතැයි විශ්වාස කෙරේ. එනමුත් දැනට විදේශයන් ගණනාවක ඉබෝලා රක්තපාත රෝග ව්‍යාප්ත වෙමින් තිබෙන බැවින් ගෝලීය ආරක්ෂක පියවරක් ලෙස මෙම මරණය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන ලෙස සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.


මියගිය පුද්ගලයාගෙන් ලබා ගත් රුධිර සාම්පල් මේ වන විටත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ඉබෝලා පරීක්ෂණය සඳහා යොමු කර ඇත.


මෙම සංචාරය සඳහා සහභාගි වූ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමසිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us