මංගලගේ ගෙට පැන්න සැකකරුට වරෙන්තු

Published in පුවත්
Tuesday, 19 August 2014 09:06

එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ පිහිටි නිවසට 2013. 12. 30 වැනිදා අනවසරයෙන් ඇතුළු වී ලැප්ටොප් පරිගණයක් ඇතුළු භාණ්ඩ සොරා ගැනීම මත වරෙන්තු ලබා සිටින සැකකරු දෙවන වතාවටත් අධිකරණයට අද (18) නොපැමිණීම හේතුවෙන් සැකකරුට හා ඔහුගේ ඇපකරුවන් 2 දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රා‍ත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබේ.


මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ රත්මලාන, දුම්රියපළ පාරේ පදිංචි වීරපු ගාල්ලගේ හෙමාල් ප්‍රියංකර හා ඔහු‍ෙග් බිරිඳ හා අනෙක් ඇපකරුටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සොරාගත් භාණ්ඩ හා ඒවා ළඟ තබා ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අවසන් කර ඇති බවයි.

මෙම සැකකරු මන්ත්‍රීවරයාට නොයෙකුත් ආකාරයට අපහාස කර ඇති බව එහිදී මංගල සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලුක එම්. සිල්වා මහතා කියා සිටියේය.

මොහු අධිකරණය මඟ හරින බැවින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි එහිදී ම‍හේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.

රත්මලාන, දුම්රියපළ පාරේ තාවකාලික නිවසක සැකකරු පදිංචි වී සිටින බැවින් සැකකරු අත්අඩංගුවට ගැනීම දුෂ්කර වී ඇති බව එහිදී එම නිලධාරීන් කියා සිටි බව අප වාර්තාකරු පැවසීය.

නඩු විභාගය ඔක්තෝබර් 20දා දක්වා කල්දැමිණ. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us