සජිත්ට නි. නායක තනතුර ළඟදීම !

Published in පුවත්
Tuesday, 19 August 2014 09:12

එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මීළඟ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී පත් කරනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පැවැසීය.

නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම යෝජනා කරනු ඇති බවද හෙතෙම කීය.

එම තනතුර සඳහා වෙනත් නම් යෝජනා කිරීම වැළැක්‌වීම සඳහා ප්‍රේමදාස මහතාගේ නම වික්‍රමසිංහ මහතා විසින්ම මීළඟට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්‌ඩලවල රැස්‌වීමේදී යෝජනා කෙරෙන බව එජාප නායකත්ව මණ්‌ඩලය නියෝජනය කරන මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාක්‌ෂිකයන්ගේ හා විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන දැඩි ඉල්ලීම සලකා බලා මෙම පත් කිරීම සිදු කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

මේ අතර පක්‌ෂයෙන් බැහැර කරන ලද ක්‍රියාකාරීන්, සාමාජිකයන් නැවතත් පක්‌ෂයට එක්‌කර ගැනීමට ද පක්‌ෂයේ අවධානය යොමුව තිබේ.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us