"දැන් මට ඔයත් එක්ක සෙල්ලන් කරන්න වෙලාව තියනවා " (සමුගැනීමේ ඡායාරූප )

Published in පුවත්
Monday, 18 August 2014 20:10

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මහේල ජයවර්ධන අද ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගත්තේය. ඒ පකිස්තානය සමග කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේ පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 105 කින් ජය ගනිද්දිය.

මහේල ජයවර්ධන වෙනුවෙන් පාර්ශව කිහිපයක් සමරු තිළිණ පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරින.  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මහේලට පිරි නැමුවේ රනින් කළ කි‍්‍රකට් පිත්තකි.

නාලන්දා විද්‍යාලයෙන්, මහේල නියෝජනය කරන එස් එස් සී කි‍්‍රඩා සමාජයෙන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමෙන්ද මහේල සමුරු තිළිණ පිළිගැන්වුහ. පකිස්තාන කණ්ඩායමෙන්ද මහේල වෙනුවෙන් විශේෂ සමුරු තිළිණයක් පිළිගැන්වීම කැපී පෙනෙන කරුණකි.

 පසුව පැමිණ සිටි පිරිස අමතමින් මහේල කියා සිටියේ තමන් ආ ගමනට බොහෝ දෙනෙකු සහාය පළ කළ බවයි. පළමුවෙන්ම ඔහු සිය ස්තුතිය පළ කළේ තමන්ට ජයග‍්‍රාහී සමුගැනීමක් ලබාදුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමටයි.

 ප‍්‍රතිවාදී පකිස්තාන කණ්ඩායමටද ස්තුති කිරීමටද මහේල අමතක කළේ නැහැ. සිය කි‍්‍රකට් දිවියේ සියලූ පුහුණුකරුවන්ටද මහේලගේ ස්තිතුය හිමිවිය.

 තමන් අධ්‍යාපනය ලැබූ නාලන්දා විද්‍යාලය සහ එස් එස් සී කී‍්‍රඩා සමාජයද ගෞරවයෙන් සිහිපත් කරන බව  මහේල කියා සිටියේය. සිය මව්පියන්, භාර්යාව සහ සිගිති දියණිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ටද ඔහුගේ ප‍්‍රණාමය පිරිනැමිණ.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බවද මහේල මෙහිදී කියාසිටියේය.

 
විස්සයි විස්ස සහ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගත්තද මහේල එක්දින තරග සදහා තවදුරටත් සහභාගි වනු ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා තමන් තෝරා ගැනුණ හොත් එහිදී සිය උපරිම දක්‍ෂතා දැක්වීම තම අපේක්‍ෂාව බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

 
මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම අද පකිස්තානය පරාජය කළේ ලකුණු 105 කිනි. ජයග‍්‍රහණය සදහා ලකුණු 271 ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කී‍්‍රඩකයන් ලකුණු 165 කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත්විය.  පළමු ඉනිමේදී මෙන්ම නැවත වරක් සුපිරි පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 57 කට කඩුලූ 5 ක් දවා ගත්තේය. . ඒ අනුව මෙම තරගයේදී ඔහු දවා ගත් මුළු කඩුලූ සංඛ්‍යාව 14කි. . තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද රංගන හේරත් විසින්මය.

මහේලට සමුදීම සඳහා පැමිණි ප්‍රභුවරයන්, නෑදෑ හිතමිතුරන් සහ ප්‍රෙක්ෂකයන්ගේ ඡායාරූප හා මහේල ජයවර්ධනට සමුගැනීම වෙනුවෙන් විවිධ ආයතන විසින් ත්‍යාග ලබාදෙන විඩියෝව මෙතනින් නරඹන්න

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us