හම්බන්තොටට සහ අම්පාරට තවමත් නියඟය

Published in පුවත්
Monday, 18 August 2014 14:25
නියගයෙන් පීඩාවිදි ඇතැම් ප‍්‍රදේශවලට මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතී.හම්බන්තොට සහ අම්පාර යන ප‍්‍රදේශවලට තවමත් වැසි අඳුර මිස වැසි ලැබී නොමැත. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙරල සූරියවැවල තිස්සමහාරාම, හම්බන්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නියඟය දැඩි ලෙස බලපා ඇත.
මෙම ප‍්‍රදේශවලට වසරකට ආසන්න කාලයකදී වැසි නොලැබුණු අතර තංගල්ල සහ බෙලිඅත්ත ප‍්‍රදේශවලට මීට පෙර සුළු වැසි ලැබී අැත. එම නිසා නියගය පවතින ප‍්‍රදේශවල ජනතාව දැඩි පානීය ජල හිඟයකට මුහුණපා ඇත.
 
අම්පාර දිස්ති‍්‍රක්කයේද ඊයේ සහ අද වැසි අදුරක් පැවති නමුත්  වැසි අැති වී නොමැත. මීට දින 5කට පමණ පෙර ජල මට්ටම අක්කර අඩි 60,000ක් පමණ තිබුණු ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද වන විට අක්කර අඩි 48,000 දක්වා පහළ බැස ඇත.
 
පන්නල්ගලමල පදියතලාවල අරන්තලාවල ලාහුගල වැනි ප‍්‍රදේශවලට නියඟය දැඩි බලපෑම් එල්ල කර තිබේ. මේ වන විට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හරහා එම ප‍්‍රදේශවලට ජලය සැපයීම සිදු කළද සමහර අවස්ථාවන්හිදී එය ප‍්‍රමාණවත් නොවේ.
 
අනුරාධපුර, පොළොන්නරුව සහ ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්කදල උතුරු පළාතේ බොහෝ ප‍්‍රදේශද නියගයෙන් පීඩා වින්දේය. කෙසේවෙතත් නියගය නිමවා එම ප‍්‍රදේශවලට පෙරේදා රාති‍්‍ර හෝ ඊයේ උදෑසන සිට වැසි ඇදහැළී අැත.
 

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us