ප‍්‍රංශ තරුණියට ප‍්‍රතිකාර සදහා ලක්ෂ 12ක් අයකරයි

Published in පුවත්
Monday, 18 August 2014 12:55
පසුගියදා ශ‍්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණ අනතුරට පත් ප‍්‍රංශ ජාතික තරුණියකට ලංකාවෙන් සලකා තිබෙන ආකාරය මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ කළු පැල්ලමක් එක්කරන්නකි.
ඇය අනුරාධපුර ලංකාරාමය ආසන්නයේ ගමන් කරද්දී වටිනාදේ ඇති ඇගේ ගමන් මල්ල කොල්ලකරුවකු පැහැරගෙනයාමෙන් පසු ඔහු පසුපස දිවයද්දී ඇයව ටිපර් රථයක හැපී බරපතල අනතුරට ලක්වූ අතර පසුව ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර එයින් පිටව යාමේදී රුපියල් දොළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ඇත.
 
සෞඛ්‍ය ඇමතිවරයා හඳුන්වාදුන් නීතිරීති අනුව ලංකාවේ පුරවැසිභාවය නැති අයට රජයේ රෝහල්වලින් නොමිලේ ප‍්‍රතිකාර නැත යන නීතියට මෙම අයකිරීම සිදු කර ඇතත් ඇයට ලංකාවේ සංචාරය සඳහා පැමිණීමෙන් වූ අගතිය සම්බන්ධව බලධාරීන් කිසිවෙකු බලා නොතිබීම ලංකාවට එන්නට අදහස් කරන අනාගත සංචාරකයින්ට අසුබවාදී පණිවිඩයකි.
 
අනුරාධපුර වටවන්දනා පාරේ ලංකාරාමය ආසන්නයේදී ඉකුත් 9 වැනිදා ටිපර් රථයක හැපීමෙන් බරපතළ ලෙස තුවාල ලැබුවේ අංක 5, හාන්ට් එමලි රෝඞ්, සිංගප්පූරුව ලිපිනයේ පදිංචි ප‍්‍රංශ ජාතික ෆෙලෝරී ලැන්රට් (25* මෙනවියයි. ඇය අංක 21 පාර රයිසේ, ප‍්‍රංශය ලිපිනයේ පදිංචි සිය මිතුරිය වන ෆෙඞ්රිඞ් බෙස්කොට් 26 මෙනවිය සමඟ ඉකුත් 8 වැනිදා සංචාරයකට අනුරාධපුරයට පැමිණ තිබේ.
 
ඔවුන් දෙදෙනා පාපැදිවලින් අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි සඳකඩපහණ නරඹා වට වන්දනා මාර්ග ඔස්සේ
 
  ලංකාරාමය දෙසට පාපැදියකින් එමින් සිටියදී අනතුරට ලක් වූ තරුණියගේ ඇමෙරිකානු ඩොලර් 1500ක්, ශ‍්‍රී ලංකා මුදල් රුපියල් 60,000ක්, බ්ලැක් බෙරි වර්ගයේ රුපියල් 45,000ක් වටිනා ජංගම දුරකතනයක් හා කැනන් වර්ගයේ වටිනා ඩිජිටල් කැමරාවක් සහිත බෑගය සොරකු විසින් පැහැරගෙන පලාගොස් ඇත.
 
මුදල් සහිත බෑගය පැහැරගෙන යෑම නිසා කලබලයට පත් තරුණිය සොරුන් පසුපස පාපැදියෙන් හඹා යද්දී ඇදවැටී පස් පැටවූ ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලැබුවාය. අනතුරෙන් ඇගේ උකුල් ඇටයට බරපතළ හානි සිදුව තිබූ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇයට සැත්කම් කිහිපයක්ම සිදු කර ඇත.
ඒ සඳහා රුපියල් 12,50,000කට ආසන්න මුදලක් රෝහල් ගාස්තු වශයෙන් ශික්ෂණ රෝහල අය කර ඇති බව වාර්තා වි ඇත.
 
සෞඛ්‍ය, විදේශ කටයුතු සහ සංචාරක කටයුතු අමාත්‍යංශ ආදී ආයතන එක්වී එම තරුණියට නොමිලේ ප‍්‍රතිකාර කරලීම සඳහා අවස්ථාව උදාකර දීමට කටයුතු කළේ නම් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කෙරෙහි යම් පැහැදීමක් හෝ ජාත්‍යන්තරය තුළ ඇති වන බව සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දින 3කට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ලැබූ ප‍්‍රංශ ජාතික තරුණියගේ පෙම්වතා පසුගිය 11 වැනිදා ලංකාවට පැමිණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඇයව කොළඹට ගෙන යනු ලැබ ඇත.
 
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබන අතර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ප‍්‍රංශයට රැුගෙන යෑමට නියමිතය. අනතුරට ලක්වූ තරුණියට පූර්ණ ජීවිත ආරක්ෂණයක් ඇති බවත් අදාළ රක්ෂණ සමාගමෙන් වන්දි ගෙවා ඇති බවත් අනාවරණය විය.
 
මේ තරුණියට ප‍්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 6 1/2ක මුදලක් අය කළ යුතු බවත් එයින් ලක්ෂ 2 1/2ක් ආපසු ගෙවන තැන්පතුවක් ලෙස ලබාගත් බවත් පැවැසූ රෝහල් අධ්‍යක්ෂවරයා ඇගේ උකුල් අස්ථියේ බිඳීමක් හේතුවෙන් සවි කරන ලද කෘත‍්‍රිම උපකරණයක් ඇතුළු ප‍්‍රතිකාර සඳහා එකී මුදල අයකළ බවත් කීවේය. 
 
ලංකාවෙන් පිටව යන ඇයට හෝ සිදුවීම ගැන දන්නා ඇගේ රටේ සෙසු අයට යළි මෙහි එන්නට අදහසක් තිබේ දැයි යන්න සැක සහිතය.

 

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us