අපේ කියන ඔය සංස්කෘතියත් සුද්දගේ එකක් - ඉමායා

Monday, 18 August 2014 11:16

ඇය නමින් ඉමායා ලියනගේ. දිගුකලක් නිරූපන ක්ෂේත්‍රයේ රැඳී සිටි ඇය පසුගියදා දෙරණ රුපවාහිනී ආයතනය මගින් පැවැත්වූ Miss Sri Lanka තරඟයෙන් ජයලබන්න සමත් උනා. ඇයගේ මේ ජයග්‍රහණය ගැන වගේම ඇය නියැලිලා සිටින නිරූපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් කරන්න අපි ඇයව එකතු කරගත්තා.

Miss Sri Lanka වීම පිළිබඳ මොකද හිතෙන්නේ?

තරඟයට සහභාගී වෙනකොටනම් පොඩි බලාපොරොත්තුවක් තිබුන පළමුවෙනි ස්ථානය නැතත් කුමන හෝ ස්ථානයක් ලැබෙයි කියල. එත් අවසන් තරඟයෙදි ලොකු බයක් දැනුන. සියලු තරඟකාරියන් ලස්සනට හිටිය. නමුත් අවසන් මොහොතෙ මගේ නම ඇහෙද්දි මට හිතාගන්න බැරුව ගියා. පුදුම සතුටක් දැනුනේ. මම මේ තරගෙට සහභාගී වෙන්න ඉස්සෙල්ල ගොඩක් කල් ක්ෂේත්‍රයේ රැඳිලා හිටියා. ඊට අමතරව මේ තරඟය සඳහාත් අපිට දෙරණ ආයතනයෙන් හොඳ පුහුණුවක් ලබා දුන්නා. මේ සියල්ල තමයි මගේ ජයග්‍රහණයට හේතු වෙන්න ඇත්තේ.


ලංකාවේ දැනට රූපරාජිනී තරඟ විශාල ප්‍රමාණයක් තියනවා. මේ තරඟය ඒ අතරින් වෙනස් වෙන්නෙ කොහොමද?

ඔව් ලංකාවේ දැනට ලංකාවෙ Miss world, Miss Universe, Miss International සහ Miss Earth සඳහා තරඟ පැවැත්වෙනවා. මම සහභාගි උනේ Miss Earth සඳහා පැවැත්වෙන තරඟයට. මේ අවස්ථාව අනිත් තරඟ වලට වඩා වෙනස්. අනිත් තරඟ වලදී බලන්නේ beauty එක ගැන විතරයි. නමුත් මේ තරගෙදි ලස්සන ගැන වගේම ඇය කොහොමද පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නෙ කියන දේ ගැනත් සොයා බැලෙනවා. අපිට මේ සඳහා හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනව හොඳ තරඟයක් ලබා දෙන්න.


මේ ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියල ඉස්සෙල්ලම පැහැදිළි කලොත්

මට පොඩි කලේ ඉඳලම ලොකු ආසාවක් තිබුන beauty Pajent එකකට සහභාගී වෙන්න. නමුත් පාසල් අධ්‍යාපන කටයුතු හා මගේ අම්මා ලංකාවේ හිටපු නැති නිසා එක කල් ගියා. පස්සෙ මම 2013 දී තමයි ඉස්සෙල්ලම Miss Sri Lanka for Miss World තරඟයට සහභාගී උනේ. මම සහභාගී උන පළමු තරඟයෙන්ම අවසන් 12 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව උදා උනා. ඒ තරඟය මට ලොකු අත්දැකීමක් උනා. ඊට පස්සෙ තමයි මට ආසාවක් ඇති උනේ මේ ක්ෂේත්‍රයේ රැඳෙමින් ඉදිරියට යන්න. ඊට පස්සෙ මම රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියේ නිරූපන ක්ෂේත්‍රය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා.


දිගටම මේ ක්ෂේත්‍රයේම රැඳිලා ඉන්නද බලාපොරොත්තුව?

ඇත්තටම අද වෙනකොට මේ field එකට ගොඩාක් කට්ටිය එනවා. එක නිසාම ලොකු තරඟයකුත් තියෙනවා. නමුත් කවුරුආවත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න හිතනවානම් කැපවීම උත්සාහය අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඒවගේම හරි අවබෝධයකුත් අවශ්‍යයි කොහොමද ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්නේ මිනිස්සු එක්ක කටයුතු කරන්නේ යනාදිය පිළිබඳව. ඊට අමතරව පෙනුමත් වැදගත්. නියමිත උසක්, සිරුරේ හැඩය යන ඒවා අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒ විදියට අවොත් ලොකු ගමනක් යන්න පුළුවන්.

ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බයක් නැද්ද?

මට ගොඩක් අය මුණ ගැහිලා තියනවා තියනවා ගෑණු ළමෙක් මේ වගේ ක්ෂේත්‍රයකට එනවට ඒගොල්ලො කැමති නෑ. නමුත් මම දරන දහස තමයි මොන ක්ෂේත්‍රයේ උනත් අපි තමන්ගේ වැඩේ හරියට කරනවානම් තමන්ගේ නම රැකගෙන වැඩ කරනවානම් අපි කිසිදේකට බිය විය යුතු නෑ.

ලංකාව ඇතුලේ නිරූපන ක්ෂේත්‍රයට තියන තැන ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මම ප්‍රංශය ඉතාලිය වගේ රටවල සංචාරය කරද්දී දැකපු දෙයක් තමයි ඒ රටවල නිරූපන ක්ෂේත්‍රයේ තියෙන්නේ බොහෝ ඉහල තැනක . ඒ රටවල modeling වලින් ලොකු දේවල් කරන්න පුලුවන්. නමුත් අපේ රටේ එහෙම පිළිගැනීමක් නෑ. අනික තමයි ලංකාවෙ modeler කෙනෙකුට කිසිම වටිනාකම දීල නෑ. එක පැත්තකින් එකට හේතු වෙලා තියෙන්නෙ මේ field එකේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා හැමෝම ඒ මිම්මෙන් නිසා. ලංකාවේ බොහෝ වෙලාවට modeler කෙනෙක් දිහා බලන්නේ නරක විදියට. නමුත් එක වැරදියි. එකත් තවත් එක වෘත්තියක්. අනිත් එක තමයි ලංකාවේ modeler කෙනෙකුට ගෙවීම් කරන්නෙත් හරි අඩුවෙන්. ඒ වගේම ඒගොල්ලන්ගේ හැකියාව පෙනන්න ලැබෙන අවස්ථාත් හරි අඩුයි. මට හිතෙන දේ තමයි ලංකාවේ නිළියෙකුට modeler කෙනෙකුට ලබා දීල තියෙන තැන ඒ තරම් හොඳ නෑ


ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අය අතර ගොඩක් දුරට තියන දෙයක් තමයි ජනප්‍රිය වීමට උත්සහා කිරීම. මේ තරඟය ඔයා කොහොමද දකින්නේ?

මේ ක්ෂේත්‍රයේ ටික කාලයක් පටන් රැඳිල ඉන්න නිසා මට දකින්න ලැබිල තියනවා හැම කෙනෙක්ම වගේ උත්සහ කරන්නේ අනිත් කෙනාට වඩා ජනප්‍රිය වෙන්න. ලොකු තරඟයක් තියනවා ඒකට. අනිත් කාරණේ තමයි ලංකාවෙ කොතැනකදීවත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ. ගොඩක් අය උත්සහකරන්නේ කෙටි මාර්ග හරහා ඉදිරියට යන්න. එතැනදී හැකියාවක් තියෙන කෙනාට ඉදිරියට යන්න අවස්ථාව නෑ. නමුත් මමනම් හිතන්නෙ එක ස්ථිර නෑ. කවදාහරි එක ගැන තමන්ට පසුතැවෙන්න සිද්ද වෙනවා.

පොදුවේ ගත්තම බොහෝදෙනෙක් නගන චෝදනාවක් තමයි කිසිම කලා මාධ්‍යකට අදාළව හැදෑරීමක් කරන්න තැනක් නෑ කියන එක. මේ කාරණයට එකඟද?

යම්තාක් දුරකට එකඟයි. නිරූපන ශිල්පය ගැන කතා කළොත් හැදෑරීම සඳහා විවිධ තැන් තියනවා. නමුත් එම පාඨමාලා වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇත්තටම සමහරක් වෙලාවට ගැටළුවක් ඇති වෙනවා. ඒවායෙන් නිසි අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.


ගොඩක් දෙනෙක් දරන මතයක් තමයි නිරුපනය කියන්නෙ ලිංගිකත්වය හුවා දැක්වීමක් කියලා?

ඇත්තටම නිරූපන ශිල්පිනියක් සමාන කරන්න පුළුවන් hanger එකකට. අපි කරන්නේ hanger එකක් විදියට මොකක් හරි නිෂ්පාදනයක් ඒ කියන්නෙ ඇඳුමක් promote කරන එක. ඊට වැඩි දෙයක් එතන නෑ. මම නම් ඒ වගේ අදහසක් අනුමත කරන්නේ නෑ.

ලංකාවේ සංස්කෘතිය හා ඔබ නියැලිලා ඉන්න ක්ෂේත්‍රය නිරන්තරයෙන් ගැටෙනවා. මේ සම්බන්ධයෙන් මොකද හිතන්නෙ. ලංකාවේ සංස්කෘතිය වෙනස් විය යුතුද?

මම උදාහරණයක් කියන්නම් පහුගිය කාලේ ලෝක රූප රාජිනි තරඟයක් සඳහා ඉදිරිපත් උන කෙනෙක් මැතිවරණයක් සඳහා ඉදිරිපත් උන අවස්ථාවේ ගොඩක් මිනිස්සු නගපු චෝදනාවක් තමයි ඒ අපේක්ෂිකාව අදාළ රූප රාජිනි තරඟය සඳහා අඩ නිරුවත් ඇඳුම් ඇන්ද නාන ඇඳුමින් පවා පෙනී සිටිය කියන එක. ලංකාවේ මිනිස්සුන්ට එක ලොකු දෙයක් උනා. ඇත්තටම පිට රටකදී කොටට අන්ද කියල කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ මිනිස්සු එක දිහා අමුතු විදියට බලන්නේ නෑ.නමුත් ලංකාවේ තත්ත්වය ඊට වැඩ ගොඩක් වෙනස්. ලංකාවේ මිනිස්සු සංස්කෘතිය ආගම රැකීම ගැන ගැන ඒ විදියට කතා කලට අද කලේ වෙන දේවල් දැක්කම හිතෙනවා ලංකාවේ ඇත්තටම සංස්කෘතියක් තියනවද කියල . රටකට ඊට අනන්‍ය සංස්කෘතියක් තියෙන්න ඕන. නමුත් බොරුවට සංස්කෘතිය අල්ලාගෙන කෑ ගහල වැඩක් නෑ. අපි ඔය දැන් සංස්කෘතිය කියන ගොඩක් දේවල් අරන් තියෙන්නේ සුද්දාගෙන්. ඊට ඉස්සෙල්ල සමහරක් විට කාන්තවන් ඇඳුම් නැතුවත් හිටියා. ඉතින් එහෙම හිටපු රටක කොහොමද ගෑනියෙක් මෙහෙම අඳින්න හොඳ නෑ කියල කතා කරන්නේ. එක හරි වැරදියි.

බොහෝවිට ලංකාවේ ලිංගිකත්වය ගැන කතා කරන්න බයයි. ඔබ විවිධ රටවල වල ජීවත් වෙලා තියන කෙනෙක් විදියට ලංකාවේ ලිංගිකත්වය ගැන විවෘතව කතා නොකිරීම දකින්නේ කොයි විදිහටද?

ඇත්තටම ලිංගිකත්වය ගැන විවෘතව කතා නොකිරීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනයේදී වත් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නෑ අපේ රටේ. ළමයෙක් දෙමව්පියන්ගෙන් ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් ඇහුවොත් එක ලොකු වරදක් විදියට තමයි දකින්නේ. මේ තත්ත්වවය ඇත්තටම වැරදියි. ළමයි කුතුහලය නිසාම වැරදි දේවල් වලට යොමු වීමේ ඉඩ කඩ වැඩියි. පාසල් අධ්‍යාපනයේදී මේ ගැන දැනුමක් ලබා දිය යුතුයි. ඇයි අපි මිනිස්සු විදියට ඒ ගැන කතා කරන්න බය වෙන්නෙ. ලිංගිකත්වය වැරදි දෙයක් නෙමේ. ලංකාවේ සිද්ද වෙන බොහෝ අපචාර වලට හේතුව මේ ලිංගිකත්ව පිළිබඳ නිසි අවබෝධයක් නැති කම තමයි.

ලෝකයේ දැන් බොහෝ කතාබහවෙමින් යන දෙයක් තමයි සමලිංගික අයිතීන්, යුරෝපා රටවල නම් මේ තත්වය ගැටළුවක් වෙලා නෑ. ඒත් ආසියානු රටවල් වල තත්ත්වය වෙනස්?

ඔව්, ඇත්තටම යුරෝපා රටක් ගත්තොත් ඒ ගොල්ලන්ට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ රටේ තත්වය වෙනස්නේ. අපි සාමාන්‍යයෙන් ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ටනෙ. නමුත් එහෙම නොවන පිරිසකුත් ඉන්නවා. අපිට නීති දන්නා බෑ ඒගොල්ලන්ට මෙහෙම විය යුතුයි කියල. එක ඒගොල්ලන්ගේ කැමැත්ත.

නිරූපන ක්ෂේත්‍රය අලුතෙන් එන කෙනෙකුට දෙන්න තියෙන්නේ මොන වගේ අදහසක්ද?

අලුතෙන් එන කෙනෙකුට අවෝධයක් තියෙන්න ඕන තමන් මොකද කරන්න යන්නේ කොතනටද යන්නේ කියන කාරණය ගැන. අනිත් කාරණේ තමයි ඉස්සරහට යන්න කෙටි ක්‍රම පාවිච්චි කරන්න එපා. තමන්ට හැකියාවක් තියනවා කියල විශ්වාසයක් තියනවනම් ඒ වෙනුවෙන් කැප වෙන්න. . මමත් අද මේ ත්තවෙට එන්න බොහෝ දුක් වින්ද කැපකිරීම් කරා. තමන්ට උනන්දුව හා කැපකිරීම තියනවනම් අනිවාර්යයෙන් ඉස්ස්රරහට යන්න පුළුවන්.

අනාගත බලාපොරොත්තු ගැනත් කිව්වොත්?

මට මාස තුනක වගේ කාලයක් තියෙන්නේ Miss Earth තරඟය සඳහා සුදානම් වෙන්න. එතැනදී මම මගේ රට නියෝජනය කරන්නෙ. එක නිසා හොඳ සුදානමක් තිබිය යුතුයි. ඒක නිසා ඒ සඳහා මහන්සි වෙනවා. ඊට අමතරව මගේ බලාපොරොත්තුව දිගටම නිරූපන ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳීම. ඒ වගේම ඉදිරියට රංගන ක්ෂේත්‍රයට ඇතුලත් වීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා. හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුනොත් බාරගන්නවා.

(mirrorgirl)

unnamed

unnamed 2

unnamed 3

unnamed 1

Last modified on Monday, 18 August 2014 11:41

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us