අප ඔහු සමඟ ඔහුගේ නව නිර්මාණය පිළිබදව කතා බහ කළෙමු. මේ ඔහු අප සමඟ කළ සාකච්ඡාවයි.
ඔබ නාට්‍ය කරනයට ප්‍රවිශ්ට වන්නේ මාධ්‍ය වේදිකයෙකු වශයෙන් සිටියදීමයි. කොහොමද මාධ්‍යවේදියා නාට්‍යවේදියෙකු වශයෙන් පාර කපාගන්නේ
නිශ්මන් රණසිංහ - මම 90 දශකයෙදී තමයි නාට්‍ය කලාවට ප්‍රවිශ්ට ලබාගන්නේ එහිදී මා මාධ්‍යවේදියෙකු වශයෙන් ලැබූ අත්දැකීම් මේ සදහා උපයෝගී කොටගත්තා එම දශකයේදී බොහෝ විට මගේ දායකත්වය ලැබුනේ ළමා නාට්‍ය කෙරෙහියි. මා නිර්මාණය කළ නාට්‍ය කිහිපයක් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා ඉදිරිපත් කරනු ලැබූවා. සම්මාන ලබාගත්තා, නමුත් එම ක්‍රියාදාමයෙන් පස්සේ මගේ අවධානය යොමුවුනේ මාධ්‍ය කටයුතු සදහායි.
මාධ්‍යවේදියෙකු වශයෙන් මා සිටියදී පවා යම්යම් නිර්මාණ කාර්යයන් සදහා දායකවුනා. මේ අතරතුර තමයි පසුගිය වසරේ බන්ධනාගාර රැදවියන් යෙදාගෙන නාට්‍ය නිර්මාණයක් කරන්නට යැයි වැලිකඩ වන්ධනාගාරයේ අධිකාරී ඩබ්.ජයසිංහ මට ආරාධනා කරනු ලැබූවා. ඔහුට අවශ්‍ය වුනේ බන්ධනාගාරයේ කාන්තා හා පිරිමි රැදවියන් යොදාගෙන මාතර පැවැත්වුනු වෙසක් කලාපයට නාට්‍යයක් නිර්මාණය කිරීමට. මා එය භාරගෙන ඒ කටයුත්තෙහි නිරත වුනා.
මෙය නව අත්දැකීමක් බන්ධනාගාර රැදවියන් යොදාගෙන නිර්මාණයක් ගැන අප මීට පෙර අහලා නෑ. ලංකාවේ ප්‍රථම වතාවටද මෙය සිදුවුනේ
නිශ්මන් රණසිංහ - ඔව් ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙය සිදුවන්නේ. එහි වූ සුවිශේෂී කරුණ වුනේ මට සිදුකිරීමට තිබුනේ තොරණක් විස්තර කිරීමට යොදා ගන්නා විරුදු වෙනුවට එය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමටයි. මෙම රැදවියන් එය මනාව ඉටුකරනු ලැබූවා. දිනකට දර්ශන වාර 05ක් 06ක් වනව ලෙස එය රංග ගත කළා. මෙහි වූ විශේෂත්වය වුනේ වෙසක් තොරණ බැලීමට පැමිණි පිරිස් තොරණ පැත්තක තබා නාට්‍ය බැලීමට යොමුවීමයි.
කොහොම නමුත් මේ නිර්මාණයත් එක්ක මට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ආරාධනාවක් ලැබෙනවා. බෝගම්බර බන්ධනාගාරය ජනතා අයිතියට පත්කිරීම පාදක කරගෙන වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න.
ඒ සදහා ඔවුන් මට රංගන ශිල්පීන් ලෙස ලබාදෙන්නේ කාන්තා හා පිරිමි රැදවියන්. ඔවුන්ට රංගන ශිල්පීය සම්බන්ධයෙන් හෝ වේදිකාවේ විනය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබුනු පිරිසක්. විශේෂත්වය වුනේ මොවුන්ගෙන් 90%ක් දෙනා වේදිකා නාට්‍යයක්වත් නරඹා නොමැති පිරිසක් වීමයි. කෙසේ නමුත් බන්ධනාගාරය අධිකාරියෙන් මා වෙත ලබාදී තිබූ තේමාව වූ වීර කැප්පැටිපොල චරිතය පදනම් කොටගෙන මා 'වීරයෝ මරන්න බෑ' කියන වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනු ලැබූවා එය ජනාධිපති, බන්ධනාගාර ඇමැති, ආදී සියලු දෙනාගේ පැසසුම් ලැබූ නාට්‍යයක් වුනා.
ඔබගේ නව නිර්මාණය වූ ගැලවිජ්ජාවට පදනම් වන්නේ කවරාකර සමාජ වටපිටාවක්ද
නිහ්මන් රණසිංහ - මේ සදහා පදනම් බීජයන් සකසා ගන්නේ මේ සමාජයේ පීඩා විදින ජනතාවන් ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් ප්‍රමාණයක් මාධ්‍යවේදියෙකු වශයෙන් මා ලැබූ අත්දැකීම් රාශියත්, බන්ධනාගාරවල රැදවියන් ඇසුරුකරමින් ලැබූ ඔවුන්ගේ ජීවන පරිචයන් හා මා රස්තියාදු කාරයෙකු වශයෙන් මේ සමාජයේ හිඟන්නාගේ සිට අනේක විධ පුද්ගලයන් සමග බන්ධ වී ගතකළ ජීවිතයත් මා අධ්‍යාපනය ලබාදෙන බොරැල්ල සීවලී විද්‍යාලය හා දොමටගොඩ බාලිකා විද්‍යාලයෙ සිසු දරුදැරියන්ගේ ඇසුරින් එකතු වූ අත්දැකීම් සමුදාය, මේ සදහා උපයෝගී කොට ගන්නවා. මේ සියලු මිනිසුන් ජීවිතයේ අනේක විධ හැලහැප්පීම්වලට ලක්වන විටෙක සමාජය විසින් කොන් කරනු ලබන නොයෙක් අන්තයන්ට තල්ලුකර දමනු ලබන මිනිසුන් ඔවුන් එසේ වන්නේම මේ සමාජයේ පවතින අඩුපාඩු විසින්මයි. ඉතිං මා 'ගැලවිජ්ජා' නාට්‍යයෙන් කතා කරන්නේත් එවන් මිනිස්සුන් පිරිසක් පිළිබදවයි.ඔවුන් ජීවත්වීම සදහා අනුන්ව රවටන ජීවත් වීම සදහා තමන්ව රවටන මිනිසුන් පිරිසක්.
මේ සම්මාන බලාගෙන නිර්මාණ බිහිකරන යුගයක් ඔබගේ ගැලවිජ්ජා ත් ඒ වෙනුවෙන්ද?
නිශ්මන් රණසිංහ - කිසිසේත් නෑ. සම්මාන යනු නිර්මාණයක් නිමවීමෙන් පසුව එහි කිසියම් තාක්ෂණික කියවීමකට පිරිනැමෙන හුදු වටිනාකමක් පමණයි. එහෙත් නාට්‍යයක ඉන් එපිට ගිය වෙනත් සමාජ හා මානුෂීය කර්තව්‍යයන් ප්‍රමාණයක් තිබෙනවා. එය මිනිසුන් පිනවීමේ සිට මිනිසුන්ට දැනුම බෙදාදිමක් සමාජ අසාධාරණය හමුවේ පාලක පක්ෂයට සිදුකරන විරෝධතාවයක් වශයෙන්ද ගත හැකි වනවා . ඉතිං මගේ ගැල විජ්ජාවේත් නිර්මාණ ශිල්පීන්ගේ කැපකීරීම් මගින් එකී සමාජ සාධාරණත්වය ඉටුකිරීමට හැතියාව ලැබී තිබෙනවා.
ඔබ විශ්වාස කරනවාද මීට දශකයකට පෙර පැවැති නාට්‍ය රැල්ලට වඩා මේ පවතින නාට්‍ය රැල්ලේ දේශපාලන හා සමාජ අසාධාරණය අඩංගු වීමේ අඩුවක් පෙන්නුම් කරන බව ..? ඒ වගේම ඔබ ගේ නාට්‍ය තුළත් එය එසේම ද ?
නිශ්මන් රණසිංහ - සරච්චන්ද්‍ර මනමේ නිර්මාණය කරද්දී සමාජ ආර්ථික වට පිටාව වෙනස් එකක් ඔහු අනුගමනය කළ නාට්‍ය විධික්‍රමයක් වෙනස් එකක්. එහෙත් බලන්න ඉන් මද කලක් ගතවූ විට සුගතපාලද සිල්වාගේ නිර්මාණවල අඩංගු සමාජ දේශපාලන කථිකාව ඉතා ගැඹුරු එකක් ඒ වගේමයි. ඊටත් මෙපිට කාලයකට ආ විට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ නාට්‍යවල මේ කියන සමාජ දේශපාලනය ඉතා ගැඹුරින් කතා කරනු ලබනවා. කෙසේ නමුත් වර්තමානයේ පවතින නාට්‍ය වටපිටාවේ මෙය කොතරම් දුරට සිදුවනවාද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පැවැතියත් බොහෝ නාට්‍යවල සමාජ රිදවීම් ගැන කතා කරන නාට්‍ය බොහෝමයක් තිබෙනවා. ගැලවිජ්ජා තුළත් ඒ කියන සමාජ රිදවීම් ඒ හා බැදුනු ඇඩීම් හා රිදවීම් බොහෝමයක් කතා බස් කරන නාට්‍යයක්. එක් වෙලාවකදී හඩන අනෙක් වෙලාවේදී සිනාසෙන එවගේම නැවත වරක් සිතා සිනාසෙන හෝ හඩන්නට වන සමාජ කියවීමක් සහිත නාට්‍යයක්.
දෑත් ශක්තිමත් කරන්න ගිය කලාකරුවන්ගෙන් නාට්‍යයට හෝ කලාවට කුමන සෙතක්ද අත්වී තිබෙන්නේ
නිශ්මන් රණසිංහ - කලාකරුවාගේ භුමිකාව නිර්ණය නොකරගැනීම විසින් තමයි මේ අවුල සකසා ගන්නේ කලාකරුවාගේ දෙශපාලනක කථිකාව සකසා ගත යුත්තේ කලාව තුළදීමයි. ඔහු දේවල් කතා කළ යුත්තේ, විවේචනය කළ යුත්තෙ ඒ තුළ සිටියි. දැන් ඇතිවී ඇති තත්වය මෙයමයි කුමක් හෝ ශක්තිමත් කරන්න ගිය කාලකරුවා කලාව හැර වෙනත් ඕනෑම දේක හැකියාව ලබා කලාවට සිදුකරනු ලබන මෙහෙය ඉවත් කොට දමනවා.