හදවත් සැත්කම් සඳහා ලබාදෙන මුදල වැඩි කිරීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තීරණය කර අැත. මේ වනවිට ඒ සඳහා ලබාදෙනු ලබන්නේ රුපියල් ලක්ෂ එකහමාරකි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍එජාපය ආරම්භ කළ පළමු මෙහෙයුම ජනවාරි 08 වනදා සාර්ථකව අවසන් කළ බවත් දැන් ආරම්භ කර ඇති දෙවන මෙහෙයුම යටතේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගෙන රටේ යෝධ සංවර්ධනයක් කරා පියනගන බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී අැත.

පොලිස්පතිවරයා විසින් සේවයේ අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

බන්ධනාගර ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු හත්දෙනා මෙම මස 30 තෙක් යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (23) නියම කළේය.

ඩයස්පෝරා සැණකෙළිය තමන්ගේ අදහසක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා සැණකෙළි පැවැත්වීමට කිසිදු මුල්‍ය ආධාරයක් ලබා දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23)කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීය.

එජාපය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කැමති බවත් නිමල් සිරිපාලද සිල්වා 20ට බය බවත් ආසයි බයයි දෙකක් තියාගෙන මේ කටයුත්ත කළ නොහැකි බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා කෙනෙක් වන ධනුන තිලකරත්න ඉදිරිපත් කළ ඉල්ලීම් දෙකක් අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

මැගි නුඩ්ල්ස් ඇතුළු වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us