මහ බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා, ආන්දෝලනයකට තුඩු දුන් භාන්ඩාගාර බැඳුම්කරයට සෘජුවම දායක වී ඇති ඇති බව ඊට අදාලව පොදුව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාව (COPA) විසින් තීරණය කර ඇති බව වර්තාවේ.

හිටපු ජනාධිපතිවරයකු වන ඩී.බී. විජේතුංග මහතා කලක් පදිංචිව සිටි නිල නිවෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිහරණය සඳහා දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින බවත්, ජනාධිපතිතුමා එම නිවෙසේ පදිංචියට ගිය පසු දැනට එතුමා පදිංචිව සිටින නිල නිවෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන බවත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් සභා ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ඉවත්කිරීමේ තීරණයකට අදාළ ලියකියවිලිවලට ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි වාර්තාවේ.

ඇමතිවරුන්ගේ නෝනලා පදනම් නිර්මාණය කරගෙන ඒ පදනම් හරහා මහත්වරුන්ගේ කොමිස් මුදල් ගිණුම්වලට බැර කරගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.පසුගිය රජයේ බොහෝ දේශපාලනඥයින් විවිධ ව්‍යාපාර හා ඉදිකිරීම් සඳහා තමා ලබාගත් කොමිස් මුදල් සෘජුවම ලබා නොගත් බවත්, ඒවා තම බිරිඳගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ පෞද්ගලික ගිණුමකමකට බැරකර ඇති බවත්, එසේත් නැතිනම් හිතෛෂිවන්තයින්ගේ නමින් අටවා ගත් ව්‍යාජ සංවිධාන හෝ පදනම් වෙත එම මුදල් බැරකර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

බන්ධනාගාර නියාමකවරුන්ට නැවත වරක් ස්වයංක‍්‍රීය ගිනි අවි ලබාදීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මීළග සැසිවාරයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, එය විවාදයට තුඩු දිය හැකි බවත් එම කොමිසමේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශිකා සිසිලි පෝයිලි සදහන් කළේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වෙත රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us