පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීම සඳහා පළාත් පාලන, යහපාලන හා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පත්කළ බව එජාප මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්‌ෂයේ මංගල සමුළුව අද 27 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

මහින්ද රාජපක්ෂට සහය පළ කරන කණ්ඩායම වෙනත් පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට සහය දුන් පක්ෂ සන්ධානයක් ලෙස හංසයා ලකුණින් ඉදිරි මැතිවරණය ඉදිරපත් වීමට සූදානම්  බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව  වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස  මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට  පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (26) මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා මේවනවිටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සංචාරයක් සදහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූයේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us