ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සොමවංශ අමරසිංහ මහතා විසින් පිහිටුවනු ලැබූ නව දේශපාලන පක්‍ෂයේ පලමු සමළුව අද දින නවනගර ශාලාවේදී පැවැත්වුණි.

ලබන මස 6දා සිට මහමැතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය සේවයේ සහ පොලිස් සේවයේ සියලූ ස්ථාන මාරු තහනම් වන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් මේ බව සදහන් කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ඇති විෂයන් පසුව පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.කේ.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

එළඹෙන මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වු අයඳුම්පත් බාරගැනීමේ දින නියම කර ඇත.

දහනයේදී කාබන්ඩයොක්සයිඞ් මුදාහරින ඉන්ධන භාවිතය අවම කළ හැකි නම් වඩා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බිහිකර ගත හැකි බව ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පවසයි. ‘‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප‍්‍රවේශය’’ මැයෙන් කොළඹදී ඊයේ (26)ආරම්භ වූ සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසුවේය.

එළඹෙන මහා මැතිවරණයේ සටන් පාඨය රනිල් ද මහින්ද ද යන්න බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශයට පත් කර හමාරය. මහින්ද රාජපක්ෂ ගැන අධි තක්සේරුවක් ලබාදෙන මහින්ද කල්ලියේ පතාකයන් වන දිනේෂ්, වීරවංශ හා ගම්මන්පිල ඝෝෂක ත්‍රිත්වය මේ දවස්වල නිහඬය. ජනවාරි ඇද වැටීමෙන් පසුව, මේ ඝෝෂකයන් මහින්ද උස්සා තැබීමට ගත් වෙහෙස අප්‍රමාණය. ඒ සියලු උත්සාහයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඇඟිලි තුඩින් නිෂේධ කර හැරියේය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ මහතා විසින් අද දින සිය දේශපාලන පක්ෂය 'ජනතා සේවක පක්ෂය' ලෙස නම් කළ බව පැවැසීය. 

එළැඹෙන මහා මැතිවරණයට සෑම පක්ෂයකින්ම තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us