ඉදිරි දින කිහිපය තුලදී සුදුවිය හැකි අනතුරක ඉව වැටී බුද්ධි අංශ නිලධාරීන් ‍රැසක් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යන එන මඟ හා මැතිවරණ ප්‍රචාරක වේදිකා අසල සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්තාවේ. 

යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Weel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අද(05) පරිසරවේදීන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ බලකාය, මධ්‍යම පරිසර අධිකාරි, වෙරළ සංරක්ෂණ අධිකාරිය මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.

ඌව පළාත් මහ ඇමැති සහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත‍්‍රික් අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර ඇති ආකාරය මෙම ඡයාරූපවල දැක්වේ

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හොරණදී ජන හමුවකට සහභාගී විය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අදහස් පළ කළේ ය.

ඔහු පැවසුවේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් දී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ආකාරය ඔවුන් දන්නා බව ය. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව විභාගයට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. මෙම න සුවිශේෂී සිද්ධියක් ලෙස සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම අනුමැතිය ලැබිණි. මෙම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පත්කර ඇති අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස් මොරායස් මහතා ක්‍රියා කරති. 

මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත සමුගැනීමක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීම, මාධ්‍ය මඟින් අනාවරණය වීම නිසා මේවන විට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයම අකර්මන්‍යවී පවතින බව වාර්තාවේ.

2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

විල්පත්තුවේ සිදුකල නීති විරෝධී වනාන්තර කැපීම් සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් අට දෙනෙකුට අභියාචනාධිකරණය අද (04)නොතීසි නිකුත් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us