රජය සංවර්ධන ව්‍යාපෘති 55,000 ක් කරලා.. ඒත් මිනිස්සු දන්නේ නෑ.. Featured

Published in පුවත්
Monday, 26 March 2018 12:20

එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබුණ ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නොසිටීම දැවැන්ත ඛේදවාචකයක් බව ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේ විමධ්‍යගත කරන ලද අයවැය වැඩසටහන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිලීබඳ අද (26) පැවැත්වූ සාකච්ඡාවක දීය.

එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

පහුගිය අවුරුදු දෙක තුළ අපි එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළා. ඒත් මහජනතාව ඒ ගැන දන්නේ නෑ. ඒක හරිම ඛේදවාචකයක්. අනිත් කාරණය තමයි අපි මේ ව්‍යාපෘති ගැන කියලා බෝඩ් එකක්වත් ගැහුවේ නෑ.

ඒ නිසා අපේ ව්‍යාපෘති ගැන ගම් මට්ටමට ගෙනියන්න පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක අවශ්‍යතාව දැන් දැඩි ලෙස මතුවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය ගමට ගෙනියන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම. මේවා කරන්න දැන් ප්‍රමාද වැඩියි. නමුත් අපි දැන් හෝ මේ ගැන හිතලා වැඩපටන් ගන්න ඕන.

මොකද අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන. ඒ වගේම ඒ ව්‍යාපෘතිවලට අවශ්‍ය වටිනාකම දෙන්නත් අපි කටයුතු කරන්න ඕන. මේක දැන් තරඟයක් වෙලා තියෙන්නේ. අපි ඒ තරඟයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. යැයි අමාත්‍යවරයා කීය.

මීට පෙර අවස්ථාවක්ද රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රමාණවත් දැනුම්වත් කිරීමක් සිදු නොකළ බවටද ඇමැතිවරයා චෝදනා කර තිබිණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us