අගමැතිකම රංජිත්ට...ජනපති පොරොන්දුවක්...දුමින්දට අනතුරු හැඟවීමකුත් Featured

Published in පුවත්
Saturday, 24 March 2018 00:48

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට සහය දෙන්නේ නම් නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දීමට ජනාධිපතිවරයා එකඟ බව ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් මද්දුම බණ්ඩාර මහතාට දැනුම් දී තිබූ බව ශ්‍රීලනීප දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව එජාපය තුලින්ම ගෙන ඒමට ජනධිපතිවරයාව මෙහෙය වන කිලි මහරාජාගේ අවශ්‍යතාවය වී තිබූ නමුත් එය අසාර්ථක විය. පසුව ඒකාබද්ධ විපක්ෂය මඟින් යෝජනාව ගෙන ඒමට එහි ගෝඨා හිතවාදීන් එකඟකර ගැනීමට කිලි මහරාජා සහ ජනාධිපතිවරයා සමත්වූ බවත් ඒ අනුව ඔවුන් සෑහෙන අරගලයකින් පසුව මේ යෝජනාව පසුගියදා කතානායක වරයාට බාර දීමට කටයුතු කළ බවත් එම තොරතුරු මාර්ග පවසයි .

රංජිත් සජිත්ගේ මිනිහෙක්...

එහෙත් මෙම යෝජනාවට බැසිල් පිලෙහි දැඩි විරෝධය ද එල්ල විය. ඒකාබද්ධ විපක්ෂයේ මුල් ස්ථාවරය වී තිබුණේ එජාපය ගෙන එන විශ්වාසභංගයකට සහය වීමටය. එහෙත් එජාපයේ ගැටලුව කළමනාකරණය කර ගැනීමට එජාප නායකත්වය සමත් වීම නිසා එය සිදු නොවීය.

මේ නව තත්වය හමුවේ රංජිත් මද්දුම බණ්ඩාර ද සිය නායකයා ආරක්ෂා කිරීමේ පිලිවෙතකට මාරු වී සිටී. එහෙත් ශ්‍රිලනිපයේ එස් බී දිසානායක තවමත් ජනාධිපතිවරයාගේ උත්සාහය වෙනුවෙන් ශ්‍රිලනිප හා එජාප මන්ත්‍රීවරුන්ව රංජිත් මද්දුම බණ්ඩාරට අගමැතිධුරය ලබා දීමට එකඟකරවා ගැනීමේ වෙහෙසකර කටයුත්තක නියැලෙමින් ද සිටී. රංජිත් මද්දුම බණ්ඩාර යනු එජාපයේ සජිත් පිළෙ හි හිතවතකු වන අතර ජනාධිපතිට ද හිතවත් අයෙකි. නීතිය හා සාමය අමාත්‍යංශය, අගමැතිගේ කැමැත්ත වූ සරත් ෆොන්සේකාට හිමි නොවී ඔහුට හිමි වන්නේද ඒ අනුවය.

පරදින බව දන්න බැසිල්..

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ උත්සාහයට මේ මොහොතේදී සහය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් පිළ කල්පනා කර ඇත්තේද මද්දුම බණ්ඩාරට අගමැතිධුරය ලබා දීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත වී ඇති නිසාය. එසේම එය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පැහැදිලිවම නොමැති තත්වයක් තුළ ඊට සහය දුන්න නොදුන්නා කියා වෙනසක් නොමැති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. එහෙත් මෙය ජනාධිපතිවරයා විසින් සැලසුම් කළ කටයුත්තක් බව හෙළිදරව් කිරීම විය යුතු බවත් ඒ අනුව සම්මුතික ආණ්ඩුව අවුල් කිරීම වියයුතු බවත් මෙම කණ්ඩායම කතිකා කර ඇත.

විශ්වාසභංගය යම් ලෙසකින් ජය ගත්තද ඒකාබද්ද විපක්ෂය කිසිසෙත්ම අගමැතිධුරය බාර නොගත යුතු බව බැසිල් පිලෙහි ස්ථාවරය වේ. එය රට තවත් අවුලෙන් අවුලට පත් කිරීමක් විය හැකි බවත් ඉදිරි අවුරුදු දෙකෙහි රට මුහුණ දෙන සියලු අර්බුද සඳහා වගකියන්න වෙන්නේ රාජපක්ෂවරුන්ට වන බැවින් එජාපයේම අගමතිවරයකුට ඉඩ ලබා දිම සුදුසු බව ඔවුන්ගේ යෝජනාවය. එහෙත් ගොඨා පිලෙහි ස්ථාවරය මහින්ද රාජපක්ෂ වෙත අගමැතිධුරය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ කරවා ගත හැකි බවත් ඉදිරි වසර දෙක සුපුරුදු සංදර්ශන ක්‍රමවේදයන් හරහා පවත්වාගෙන යා හැකි බවත්ය.

දුමින්දට අනතුරු හැඟවීමක්..

කෙසේ නමුත් මේ වන විට විශ්වාසභංගය නිසා විශාල අර්බුධයකට මුහුණ පා සිටින්නේ ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්ෂයේ ගෝඨා පිළය. ශ්‍රිලනිපයේ සම්පූර්ණ සහයද නොලැබී යාමේ තත්වය උඩ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මෙම විශ්වාසභංග යෝජනාවට එරෙහි, ශ්‍රීලනිප ප්‍රබලයන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර බිය ගැන්වීමේ ව්‍යාපෘතියකද ආරම්භ කර ඇති බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. එහි පළමු ගොදුර දුමින්ද දිසානායක වනු ඇති බවත් පැවසේ. මේ තත්වයන් මත පසුගිය කාලයේ ජනාධිපතිවරයා හා ගැ‍ටුම් ඇතිකර ගත් ශ්‍රිලනීපයේ අභ්‍යන්තර ප්‍රබලයන් හමුවීමට දිසානායක මහතාගේ හිතවතුන් කටයුතු කරමින්ද සිටියේය.

Last modified on Saturday, 24 March 2018 00:56

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us