විශ්වාසභංගයට රහස් ඡන්ද නෑ.. රනිල්ට එරෙහිවන්න ශ්‍රීලනීප ඇමැතිවරු බෑ කියයි. අත්සන් වලංගු නෑ.. Featured

Published in පුවත්
Friday, 23 March 2018 09:15

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අප්‍රේල් 04 වන දිනට නියම කර ඇති අතර එදින රාත්‍රී 9.30 න් පසුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම සඳහා රහස් ඡන්දයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හා ශ්‍රිලනීපයේ පිරිසක් උත්සහ ගනිමින් සිටියද විශ්වාසභංග යෝජනාවක් වෙනුවෙන් රහස ඡන්දයක් ලබා ගැනීමේ ප්‍රතිපාදන නොමැති බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පවසයි.

මේ තත්වය මත රනිල්ට එරෙහි වූවත් ප්‍රසිද්ධියේ රනිල්ට එරෙහි වී යම් ලෙසකින් විශ්වාසභංගය පරාජය වුව හොත් තමන්ගේ ඇමැතිධුරය තව දුරටත් රැක ගැනීම අසීරු කාරණයක් වෙනු ඇති බව මේ ඇමැතිවරු නොදන්නවා නොවේ. සම්මුතික ආණ්ඩුවේ සමුහික වගකීම නොදරන්නන්ට කැබිනට් මණ්ඩලයේ වාඩිවී සිටීමේ සදාචාරාත්මක හැකියාවක් ද නැත.

කෙසේ නමුත් විශ්වාෂංභංගය සඳහා කිසිදු එජාප මන්ත්‍රීවරයකු ඡන්දය පාවිච්චි නොකරන බව මේ වන විටත් තහවුරුව පවතී..

අත්සන් වලින් වැඩක් නෑ

එමෙන්ම යෝජනාව සඳහා ලියැවිල්ලකට අත්සන් එකතුකර ගත්තා කියා එය ඡන්ද විමසීමට අදාල වන්නෙ නැත. එක් මන්ත්‍රී අත්සනකින් පවා විශ්වාසභංග යෝජනාවක් බාර දිය හැකි අතර එය තීරණාත්මක වන්නේ ඡන්ද විමසීමෙදී ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුවය. ..මේ වන විට යොජනාව කතානායක වරයා බාර ගෙන ඇති නිසා..තව දුරටත් ලේඛනයකට අත්සන් එකතු කිරීමන් ප්‍රයෝජනයක්ද නැත. ඒකාබද්ධ විපක්ෂය යෝජනාව බාර දෙන විට අත්සන් 55 ක් එකතුකරගෙන තිබිණි.. අද ඇතැම් පුවත් පත්වල පලවී ඇත්තේ අත්සන් 68 දැන් එකතු වී ඇති බවය.. මෙය තේරුමක් නැති වැඩක් බව මේ පත්තරකාරයන් නොදන්න කම හෝ පාඨකයා නොමඟ යැවීමක් විය හැකිය.

අත්සන් ඉවත් කරන්න  කප්පම් ඉල්ලයි

මේ අතර යොජනාවට අත්සන් කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් තමන්ගේ අත්සන ඉවත් කර ගැනිම වෙනුවෙන් කප්පම , වරප්‍රසාද වරදාන ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us