2020 ට, එජාප + ශ්‍රිලංකා හවුලක්. අකල් විපත් හැර මෛත්‍රීට වෙන විකල්ප නැත.

Published in පුවත්
Thursday, 22 March 2018 11:56

තවත් වසර දෙකකින් එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධව තරග කිරීම විය යුතු බව සෞඛ්‍ය ඇමැති රාජිත සෙනාරත්න පවසයි. වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නෙ මේ අනාගත සම්මුතිය කඩා ඉහිරවා දැමීමට බවද ඔහු අවධාරණය කරයි.

කොහොම නමුත් පසුගිය පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිපළය අනුව රාජපක්ෂවරුන්ගේ පොහොට්‍ටු කණ්ඩායම සමස්ථ ප්‍රතිපලයෙන් සියයට 40 ක පමණ ඡන්ද ප්‍රතිපලයක් දිනා ගනිමින් තනි පක්ෂයක් ලෙස ඉදිරියේන් සිටීමට සමත් වීම තුල ඉදිරි මැතිවරණයකදී එය එජාපය හමුවේ ප්‍රබල අභියොගයක් වනු ඇත. ඉතිහාසය පුරා මෙරට තනි පක්ෂයක් ලෙස ඉදිරියෙන්ම සිටි පක්ෂය එජාපයයි. නමුත් එජාපයේ සැබෑ ඡන්ද කොටාව පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී ප්‍රකාශයට පත් වුයේ නැති බවටද කරුණු දැක්වීම ඇති අතර ජාතික මැතිවරණයකදී ඡන්ද දායකයාගේ හැසිරීම පුංචි ඡන්දයකට වඩා වෙනස් වීම තුල එජාපයේ ශක්තිමත් බවටත් කරුණු දැක්වේ. එමෙන්ම පාක්ෂිකයන් යම් කළ කිරීමකට පත්ව තිබීම පසුගිය පසුබෑමට හේතුව වූ බවත් පැහැදිලිව පෙන්නුම් කරනු ලැබූවකි.

ඒ කෙසේ නමුත් ශ්‍රීලනීපය ලෙස තිබෙන මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ ඉදිරි පැවැත්මට නම් සිය පක්ෂ අනන්‍යතාවය බල්ලට දමා රාජපක්ෂගේ ඔඩොක්කුවට හෝ එජාප සමඟ හෝ සන්ධාන ගත වීමක් අනිවාර්ය වෙනු ඇත. විලි ලැජ්ජාවක් තිබේ නම් ඔහුට රාජපක්ෂ සරණයා නොහැක.2020 මහ මැතිවරණයට   ගෝඨාව ඉදිරියට දමාගෙන  ශ්‍රිලනිපය පුම්බා ගැනීමට දරණ වෑයම ගැන මෙ මොහොතේදීද කියන්න සිදුවන්නේ එය ලොකු දේශපාලන විහිළුවක් පමණක් වනු ඇති බවය.. මේ නිසා මෛත්‍රීපාල සිරිසේන අද මොන අදේශපාලනික මෝඩ මතිමතාන්තර දැරුවත් අවසාන පැවැත්මේදී දේශපාලනික තීන්දුවක් ගැනීමට ඔහුට සිදු වනු ඇත.

Last modified on Thursday, 22 March 2018 12:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us