TNA සහය අගමැතිට.. විශ්වසභංගය භංගයි...ආපු වැඩේ නොකිරීම ගැන ජනපතිට චෝදනා Featured

Published in පුවත්
Tuesday, 27 March 2018 07:28

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්‌වීමට තමන් තීරණය කළ බව දෙමළ සන්ධානය විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ ජනවාරි අට බල පෙරලියෙන් ජනතාවට පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තම පක්ෂය පෙණි සිටින බවත් ඒ වෙනුවෙන් ජාතික ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ අනුව විශ්වාසංභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හැකියාව තවදුරටත් දුරස් වී තිබේ. ශ්‍රීලනීපයේද මන්ත්‍රීන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අගමැතිවරයාට පක්ෂපාතව ක්‍රියාත්මක වීමට තීරණය කර ඇති නිසා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු තුන් හතර දෙනාගේ සහය ලබා ගෙන විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇත. තීරණාත්මක මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණද ඡන්දය දීමෙන් වැලැකී සි‍ටුනු ඇති බව එම පක්ෂයට සමීප ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වූ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්දය නොසලකා ජනාධිපතිවරයා කටයුතු කරමින් තිබීම ගැනද මෙහිදී ජනාධිපතිවරයාට චෝදනා කර තිබේ. අගමැතිවරයා ඉවත් කිරීම විශ්වාශභංග යෝජනාව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ මැදිහත්වීම මත සිදු කෙරෙන්නක් වන නිසා විශ්වාශභංගයෙන් ආණ්ඩුව පැරදුන හොත් සියළු පාර්ශ්වයන් මුහුණ දෙන අවාසනාවන්ත තත්වයන්ට ජනාධිපතිවරයා විසින් වගකිව යුතු බවත් ඒ අනුව මේ රටේ ජනතාවට බරපතල ද්‍රෝහි කමක් සිදුකළ පාලකයකු වශයෙන් ජනාධිපතිවරයා ඉතිහාස ගත වනු ඇති බව මෙහිදී දැඩිව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us