රාජපක්ෂ වියරුව එළියට පනී..මිනී මරල හරි බලය ගන්නයි ඕනේ..

Published in පුවත්
Tuesday, 27 March 2018 08:17

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ඉකුත්දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි වූ බවත් එය මැඬලීමට කවර ආකාරයේ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඒවා බිඳදමා 'මාපිලා' ලකුණෙන් හෝ තරග කර මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශ අද මව්බිම වාර්ථාකර තිබේ.

ඒ අනුව, ".. ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වනවා දැයි මෙහිදී මාධ්‍යවේදියකු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.

'දැක්කනේ පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපතිතුමාගේ තත්ත්වය. නිකන් බයිසිකලයෙන් ආපු මිනිහත් ජයග්‍රහණය කළා. නාගයත් ජයග්‍රහණය කළා. ඉතින් මොනතරම් ප්‍රශ්න ආවත් අපි මාපිලෙක් ගෙනත් හෝ ජයග්‍රහණය කරනවා' යි හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා, වර්තමානයේ රට තුළ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි කීවේය. රජය ජනතා අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ජාත්‍යන්තර බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා ඉටු කරමින් සිටින බව සඳහන් කළේය. පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මෙවැනි බලපෑම් පැමිණියත් තම රජය එවැනි බලපෑම්වලට කිසිසේත්ම අවනත නොවූ බව පෙන්වා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා යුද්ධය අවසන් අදියරේ පැවැති අවස්ථාවේ මෙරටට පැමිණි විදේශීය නායකයන් චන්ද්‍රිකා වැව අසලට ගොස් සාකච්ඡා කර ආපසු හරවා යැවීමට හිටපු ජනාධිපතිවරයා ක්‍රියා කළ බවද සිහිපත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වූවා සේම ධුරයෙන් ඉවත් කෙරුණු ශිරාණි බණ්ඩාරනායක යළි එම තනතුරේ පිහිටුවීමට කටයුතු කළා සේම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කිරීමට කෙසේ හෝ කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය..."

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය කාලය පුරාම උත්සහ ගනිමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ තමන් යටතේ ශ්‍රිලනිපයේ අගමැති අපේක්ෂකයා කර තමන්ගේ තනතුරත් ශ්‍රීලනිපයත් ‍රැක ගැනීමේ බලපෙරේත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමටය. එහෙත් රාජපක්ෂවරු මෛත්‍රීපාල ජනාධිපතිවරයාව විශාල උගුලක පටලවා ඇති බව අප විසින්ද නිරන්තරයෙන් පෙන්වා දු නමුත් ඔහු තවමත් ඒ තේරුම් ගෙන නොමැති බව පෙනේ.

රාජපක්ෂලා මෛත්‍රීපාලට ලන් වූයේ තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් ගැලවී සිටීමටත්, කාලය එළඹ විටම මෛත්‍රීපාලව එළවා දමා යළි අත්පත් කර ගැනීමටය. මේ දැන් ඒ කාලය එළඹ තිබේ. තමන්ගේ ගොබ්බ දේශපාලන දැනුම ප්‍රකාරව ජනාධිපතීවරයා ගත් දේශපාලන තීන්දු සියල්ල දැන් පරාජය වී තිබේ. එමෙන්ම ජනවාරි 08 වනදා එජාපය ප්‍රමුඛ ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම් වල මහන්සියෙන් සහ යහපාලනය පැතූ ජනතාවගේ ඡන්දයෙන් අත්පත් කර දෙනු ලැබූ ජනාධිපති තනතුර දෝශාභ්හියෝගයෙන් බේරා ගැනීමට ඔහුට සිදුවන ලකුණුද පහලව තිබේ.

ඒ අනුව නුදුරේම ජනාධිපතිවරයා, රාජපක්ෂලා නොමිළේ ලබා දුන් බඹ ගනනින් වූ දිරච්ච ලණු ගිල්ල තරම අනුව එය දිරවා ගත් නොහැකිවීමේ මහා විශාල අභග්‍යයකයට මුහුණ දෙනු ද ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us