පජාත ශ්‍රීලනීප මන්ත්‍රීලට ගමට යන්න හොර පාරක් සුසිල් පෙන්නයි

Published in පුවත්
Tuesday, 27 March 2018 11:53

තමන්ගේ ගමේ තමන්ට ඡන්ද දුන් ජනතාව හමුවට යෑමට නොහැකිව ලත වෙමින් සිටින පජාත ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඒ වෙනුවෙන් සකස් වූ හොර පාරක් ගැන ශ්‍රිලනීප ඩබල් ගේම් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දී තිබේ. ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා ' මං පොර එජාප විරෝධී පතාක යෝධයෙක්.. ' යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දවීමෙනි.

සුසිල් ප්‍රේමජයන්තලා වැනි ඩබල් ගේම් තක්කඩි දේශපාලකයෝ ඇමැතිකම් වලද අවුරුදු ගානක් වැජඹුනද තමන්ගේ ගමේ මිනිහාට කියා දෙයක් මේච්චර කාලෙකට කර නැති බව අමුතුවෙන් කිව යුතු නැත. කොටින්ම ගංගොඩවිල තමන්ගේ නිවසට යනඑන අබලන් පටු පාර හෝ හදා ගැනීමට තරම්වත් සමත් කමක් නොපෙන්වූ සුසිල් ප්‍රෙමජයන්ත ද දැන් 2020 මැතිවරණයට ජනතාව හමුවට යන්න හදන්නේ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා එමඟින් ජනතා වීරයෙකු විය හැකි යැයි කල්පනා කරමින්ය.

රාජපක්ෂ කඳවුරේද මෛත්‍රී කඳවුරේද එක විට දෙපා තබාගෙන සිටින මෙ හොර තක්කඩි දේශපාලුවන්ට ගමට යන්න පාර මතක් වෙන්නේද ඡන්දෙ ලන්වෙන විටය. ශ්‍රීලනිපයේ මෛත්‍රීපිල නියොජනය කළා කියා පසුගිය පළාත්පාලන මැතිවරණයේදී පක්ෂ දිනවීම වෙනුවෙන් එකදු පොකට් රැස්වීමක්වත් නොතියපු මේ අය දැන් ශ්‍රීලනීප + පොහොට්ටු ආණ්ඩු හදන්න කතා කරන්නේ තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් පමණක් බවද පැහැදිලිය.

2015 මහ මැතිවරණ සමයේ දී රාජපක්ෂට ද්‍රෝහී වී ගුටි ද කෑ නමුදු යළිත් විලි ලැජ්ජාවක් නැතිව පොහොට්‍ටුවේ පිහිටෙන් හෝ නැවතත් ඇමැතිකමකට රිංගා ගැනීමේ දේශපාලන අභිප්‍රායෙන් ඩබල් ගේම් දේශපාලනයේ යෙදෙන් මෙවැනි දේශපාලන හොර තක්කඩින්ව නැවත ගමට එන්න දෙනවාද නැද්ද යන්න ගම්මු තීරණය කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us