ධුර කාලය අවසන් වුණු හිටපු දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා එම ඡන්දය පැවැත්වෙන තෙක් වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇති බව වාර්තාවේ. අද දින මෙම පත් වීම සිදු කර ඇත. 

රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා දහසය දහසකට අධික පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට අයෑදුම්පත් එවා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලියාපදිංචි දේශපාලන පක්‍ෂ දෙකක නම් වෙනස්‌ කර ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.දේශප්‍රේමී ජාතික පෙරමුණ ශ්‍රී ලංකා ජාතික බලය ලෙසත් එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය, බොදු ජන පෙරමුණ ලෙසත් නම් වෙනස්‌ කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙක්ව ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමා තිබේ. මෙසේ ඝාතනය වී අැත්තේ තුෂාර දේවාලේගම නම් නැමැත්තෙකි. මෙම ඝාතනය සිදුව තිබෙන්නේ රත්නපුර දෑල නොරගල්ලේවත්තල දෙයියන්නේ දාල ප්‍රදේශයේ දීය.

මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.

ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්ථාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us