හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හෝ නොදීය යුතු යැයි දැඩි ස්ථාවරයක සිටින ශ්‍රී ලනීප ප්‍රධානින් කණ්ඩායමක් මේ මොහොතේදී ජනධිපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක යෙදී සිටින බව වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක්‌ මැදමුලනට පැමිණ සිටියේය.

තමාගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේදී ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති අයෙකුට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

එළෙඹන මහමැතිවරණයෙන් පසුව පත්වනු ලබන නව ආණ්ඩුවේ ප්‍රධානම වගකීම වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සාර්ථක කර ගත් බවද 20 වැනි සංශෝධනය විවිධ ගැටලු නිසා ව්‍යාකූල වූ බව ඔහු පැවසුවේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක පහක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) ආරම්භ කළ සම්මුඛ පරීක්ෂණය සඳහා තුන්සියයකට ආසන්න අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ නැතිව දිනන්න බැරිය යන්න වහා ඉහළ නැග බිම පතිතවූ මොට ඊතලයක් බවට පත්වී ඇත. ජනවාරි ජයග‍්‍රහණය වෙනදා මෙන් පශ්චාත් දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලෙස තටු ගසා ඉගිලෙන්ට පටන් ගත්තා නම් තත්වය කුමක් වේද? එහෙම වුනා නම් මේ වීරයන් තවමත් සැගවුන තැන් වලින් එළියට පැමිණි නැතුවාමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසිය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us