ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

රාජපක්ෂගේ ත්‍රස්තවාදී හෙවණැල්ල යළිත් දකින්නට ලැබුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා රට සාමකාමීව ඉදිරියට යද්දී එදා පැවැති සුදු වෑන්වල සෙවණැලි ඉදිරියට ගෙනවිත් ත්‍රස්තවාදය වපුරන්න හදන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ජනතාවට විහිළු සැපයීමේ අරමුණින් සකස්වූවක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ‍රැස්වීම් වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31)දින එක් වී සිටියේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us