ලංකාවේ සෞඛ්‍යය, ලෝක බැංකුවට හොඳටම හොඳයි ලු !

Published in පුවත්
Thursday, 01 March 2018 13:52

ශ්‍රී ලංකාව අඩු වියදමක් යටතේ දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ. විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

මධ්‍යම ආදායම් ලබන රටවල් හා සැසදීමේ දී මහජන සෞඛ්‍ය සේවාවේ යහපත් ප්‍රතිඵල අත් කරගෙන ඇත්තේ රටවල් කිහිපයක් පමණි. ඒ අතුරින් ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මෙවැනි ශක්තිමත් සෞඛ්‍ය ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිව ඇත්තේ හොද, නිවැරදි, ආරක්ෂාව සහ අවම වියදමක් යටතේයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සාර්ථව ඉදිරියට ගමන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇගයීමට ලක් කරයි. අවම වශයෙන් වසර 50 ක කාලයක් තුල මාතෘ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය, බෝනොවන රෝග පාලනය පිළිබදව ශ්‍රී ලංකාව යහපත් ප්‍රතිඵල ලගා කර ගැනීම ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත. සෞඛ්‍ය සේවාව විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම අනෙක් රටවලට ද ආදර්ශයක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රි ලංකා රජය 1930 සිට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදෙයි. රටපුරා ඉතාමත් සැළසුම් සහගත සෞඛ්‍ය ජාලයක් ක්‍රියාත්මකයි. මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සිදු කරයි. ප්‍රතිශක්තීකරණය ලබාදීම අතින් සියයට 100 ක සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත. වයස් ගත ජන කොට්ඨාසය වැඩිවීම අභියෝගයක් වුව ද ඊට මුහුණ දීමට රජය පියවර ගෙන ඇත. 2015 අග වන විට දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් හා සැසදීමේ දී ළමා මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන කළමණාකරණය ද ඉතා වැදගත්. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාවර වර්ධනයක් ද දක්නට ලැබේ.

ලෝක බැංකු වාර්තාව පිළිබද අදහස් දැක්වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ දියුණුව පිළිබදව අගය කිරීම විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. “මධ්‍යම ආදායම් ලාභී රටවල් හා සැළකීමේ දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම අගය කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාව රෝගීන්ට මුල්‍යමය ආරක්ෂාවක් ලබාදී ඇති බවත්, දුප්පතුන්ට මිත්‍රශීලි නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දී ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කිරීම අගය කළ යුතු කරුණක්. එම නිසා රටක අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලීම ඉතා වැදගත් බව ලෝක බැංකුව පිළිගෙන තිබෙනවා. එම නිසා බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.” එමගින් බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අගයමින් ලෝක බැංකුව නිකුත් කළ සම්පුර්ණ වාර්තාව

https://openknowledge.worldbank.org/handle

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us