වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරයකු ඉවත්කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති අතර පත්කළ මන්ත්‍රීවරුන් වම මාලනී ෆොන්සේකා හා ජානක ප්‍රියන්ත යන අය සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කර්න ලද ත්‍රිකුණාමලයේ පවත්වාගෙන ගිය විශේෂ ‍රැඳවුම් කඳවුරක් වූ ගෝඨා කැම්ප් සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයාවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කරන බව මහජන ආරක්ෂක ඇමැති ජොන් අමරතුංග මහතා පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් සිදුවන අපහාසයෙන් මිදීම සඳහා විමල් වීරවංශගේ බිරිඳ රෝහල් ගත වී තිබේ.

සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

ස්‌වයං රැකියා සම්මේලනයේ සාමාජික මුදල් රුපියල් මිලියන 107 ක පමණ වංචාවක්‌ සිදු වී ඇති බවට මෙතෙක්‌ සිදු කර ඇති විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව වංචා විමර්ශන ඒකකය ඊයේ (20දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මහජනයාට පිළිකුලක්‌ සහ අප්‍රසන්න භාවයක්‌ ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක්‌ නොමැතිව පොලිසිය සමග තමාම හරස්‌ ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වීමේ විශේෂ සිද්ධියක්‌ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය.

ශ්‍රී ලංකාවේදී 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් එවකට පැවැති ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය හා ඊට අදාළ අනෙක් ආයතන රුපියල් දසලක්ෂ 1117 ක් වැය කර ඇති බවත්, මෙම වියදම්වල බිල්පත් පවා නොමැති අතර පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවී ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කීය.

නීති විරෝධී ලෙස පසුගිය ආණ්ඩු සමයේ කෙටි කාලයකදී වත්කම් ඉපැයූ බව කියන හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන අයගේ බැංකු ගිණුම් වාර්තා වත්කම් වාර්තා රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය ආයතන 81 ක කළමනාකරුවන් වෙත හා දේශීය ආදායම් කොමසාරිස් වෙත ඊයේ (20) නියෝග නිකුත් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us