රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම පැහැර ගැනීම 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාලය තුළ සිදුව ඇති බවයි.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ගැන තමාට මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේය.ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඔහු අද (19) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අම්බලන්ගොඩ නගර සභා විපක්ෂනායක ජේ.ඩබ්ලිව් ජයන්ත ප්‍රමුඛ පිරිසක් අද (19) අල්ලස හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා ප්‍රමුඛ පිරිසක් විසින් රාජපක්ෂ අාණ්ඩු සමයේ අම්බලන්ගොඩ නගර සභාව සතුව තිබූ පෞරාණික වටිනාකමකින් යුක්ත තානායමක් කිසිදු අවසරයකින් තොරව කඩා ඉවත් කර විකිණීම සම්බන්ධවය.

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ පවතින සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති ලෙස අමල් වික්‍රමතුංග මහතා වැඩ භාර ගැනීම පසුගියදා කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි එම ආයතනයේදී සිදුකෙරිණ.

පසුගියදා පන්නිපිටියේ නිවසකදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයීය අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය එසේ සිය දිවි නසාගත්තේ නවක වදය ඉවසන්නට බැරිව බවට මින් පෙර පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී අැත.

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ජාවාරමෙන් මාස 6කින් රුපියල් කෝටි 17කට අධික මුදලක් සොයාගත් බවට සඳහන් නඩුව එළැඹෙන 24දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද (19)තීරණය කළාය.

කුරුලූ උණ රෝග තත්වය ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අැත. මේ වන විට ඉන්දියාවේ ගුජරාට්, රාජස්ථාන් සහ මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත වල කුරුළු උණ රෝගය සීග‍්‍රයෙන් පැතිරි යාම මෙවැනි අවධානයක් යොමු වීමේ ප‍්‍රධාන හේතුවයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (18දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 3 දී පැයකට ආසන්න වේලාවක් මේ සාකච්ඡා පැවැති බව වාර්තා වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us