මේ මජර ආණ්‌ඩුවත් ඉක්‌මනින් ගෙදර යැවීමට වීදි බැස සටන් කරනවා-ජවිපෙ(photos)

Published in පුවත්
Friday, 19 June 2015 09:35

පරාජය වූවන්ට ඇමැති තනතුරු දෙමින් ජනවරමට පිටුපා කටයුතු කරන මෛත්‍රී - රනිල් මජර ආණ්‌ඩුව ඉතා ඉක්‌මනින් ගෙදර යෑවීම සඳහා වීදි බැස සටන් කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයෝ ඊයේ (18 ) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී ජනතාවට ප්‍රතිඥ දුන්හ.

රට අරාජික වී අැති බවත් ජනවරමක්‌ නොමැති දෙදෙනෙක්‌ රටේ අගමැතිවරයා සහ විපක්‍ෂ නායකයා බවට පත්ව අැති බවත් පැවසුවේය. පාර්ලිමේන්තුව රැස්‌වෙන්නේ මියගිය මන්ත්‍රීවරුන් ගැන ශෝක ප්‍රකාශ කරන්න පමණක් බවත් පනත්, නීති කිසිවක්‌ විවාද නොකරන පාර්ලිමේන්තුව අද ශෝක කළාපයක්‌ බවට පත්ව අැති බව පැවසුවේය.

තම පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ එජනිස ආණ්‌ඩුව පරාජය කිරීම සඳහා ද වීදි බැස සටන් කළ බව කී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පල්වුණ වර්තමාන මජර ආණ්‌ඩුවද විසිරුවා හැර ඉක්‌මනින් මැතිවරණයකට නොගියොත් මෛත්‍රී රනිල් හවුල අවසන් කිරීමට පෙළගැසෙන බවද කීවේය.

දහස්‌ ගණනක පිරිසක්‌ සමග සටන්පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පුංචිබොරැල්ලේ සිට කොළඹ කොටුව දක්‌වා ඊයේ පස්‌වරුවේ පා ගමනින් පැමිණි ජවිපෙ නායකයෝ ක්‍ෂණිකව සෑදූ අට්‌ටාලයක්‌ මත නැඟී ජනතාවට ප්‍රතිඥ ලබා දුන්හ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට ලබාදුන් දින වකවානු අනුව නම් මේ වන විට හත් අට වතාවක්‌වත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා නොහැර ජනාධිපතිවරයා තම පක්‍ෂයේ බලය තහවුරු කරගන්න කල් මරනවා. තම පක්‍ෂය ආර්ථික විශේෂඥයන්ගෙන් පිරී ඇති පක්‍ෂයක්‌ බවට රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගැහුවට අද රටේ ආර්ථිකය පිරිහිලා යෑයි ද අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

jvp protest 2

jvp protest 1

jvp protest 5

jvp protest 3

jvp protest 4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us