සී.සී.ඩී. අධ්‍යක්ෂක සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වසර 8ක් සිරගෙට

Published in පුවත්
Friday, 19 June 2015 09:22

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රෝෂාන්ද සිල්වා මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 08 ක සිර දඬුවමක් නියම වී තිබේ.

ඉංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ පොලිස් අත්අඩංගුවේ පසු වූ 16 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝෂාන් ද සිල්වා මහතා සහ සෙසු කොස්තාපල්වරුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණි.

මෙම සිදුවීම 1990 වසරේ සිදුවූවකි.

මේ සම්බන්ධයෙන් 1998 වසරේදී අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමක් මගින් සිදු කළ විමර්ශනයකින් මේ පිළිබද අනාවරණ වී තිබේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අැත.

මේ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාල පොලිස් නිලධාරින්ට එරෙහිව පානදුර මහාධිකරණය හමුවේ 2006 වසරේදී නඩු පවරා අැත.

ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ පානදුර මහාධිකරණය කොළඹ අපරාධ කෙට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රෝෂාන් ද සිල්වා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර 08 ක සිරදඬුවම් නියම කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us