ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ලබන 6 වනදා පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ජාතීන් අතර ආගම් භේද ඇති කිරීමෙන් රටේ ප‍්‍රශ්න විසඳිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (03)පස්වරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුළ පත් කරනු ඇතැයි වාර්තාවේ. මීට අදාල තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර මේ අනුව ඊට අදාලව පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

රෝගීන්ට නිකුත් කරන බිල්පත්වල ඔවුන් වෙනුවෙන් ලබාදුන් ඖෂධවල සහ වෛද්‍ය උපකරණවල මිල ගණන් විස්තරාත්මකව දැක්වීම අනිවාර්යය කරමින් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

දමිළ ජාතික සංධානයේ මන්ත්‍රි පිරිසක් සමග පැවති හමුවකදී ,ජාතික ගැටලුව විසදීම සදහා ලංකාවට තව දුරටත් කාලය අවශ්‍ය බව ජෝන් කෙරී පවසයි.

නේපාලයේ සහන සේවා කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලංකා හමුදා භට පිරිස් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් විසින් ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු ලබන 15 වනදා සිට සිදුකරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමණාකරනයේ දුර්වලතාවය මත ගිය වසරේ (2014) ඇස්‌තමේන්තගත අයවැය හිඟය රු.කෝටි 7511.8 කින් ඉහළ ගොස්‌ තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us