මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.

ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්ථාවේ.
ලංකාවේ පත්තර කලාවට නවමු අත්දැකීමක් එකතුකරමින් `සත්හඬ` ඉරිදා පුවත්පත 2015 ජූලි 05 වැනිදා සිට වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතින බව 'ලංකා ඩේලි' වෙත වාර්තා වෙයි. ජාතිවාදයට එරෙහි ජාතික ආණ්ඩුවක් යන දේශපාලන තේමාව සහිත පුවත්පතක් ලෙස, සත්‍යය අවැසි මොහොතක `සත්හඬ` සටන්බිමට එන  බව `සත්හඬ` කර්තෘ මාණ්ඩලික ප්‍රකාශකයකු පැවසීය.

ඊයේ(28) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී තමන් මහින්දව පරාජය පත්කළ ආකාරයටම මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරන බවයි.

ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රටට අවශ්‍යකර තිබෙන ආර්ථික විප්ලවය සිදුකිරීමට හැකියාව අැත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම  ලබන  ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us