එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දැනුම් දුන්නේය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(05) මේ වන විට මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

දින සියයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බැවින් විසිවැනි සංශෝධනයේ ගැටලු විසඳාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තවත් කල්ගත වන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව එ.ජා.ප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.ඊයේ (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය‍.

නව දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කුඩා පක්ෂ සිය යෝජනා ලබාදීම ලබන සිකුරාදා සිදුකරන බව වාර්තා වේ.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (05) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2559 වැනි රාජ්‍ය වෙසක් උත්සවය අද (04) පස්වරුවේ මහියංගණය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us