ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳ වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති අජිත් ඩයස් මහතා ඊයේ පැවැසීය.

ලංකා සතොස මේ වසරේ මාර්තු මාසයේදී පසුගිය වසරවලට වඩා ඉහළ අළෙවි ආදායම් වර්තාවක් පිහි‍ටුවා ඇතැයි වාර්තාවේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 3.2 ක ආදායමක් ලබා ඇති අතර ඒ පසුගිය වසරේ මාර්තු මාසයේදි සටහන් වූයේ බිලියන 2.1 ලෙසය . එසේම 2013 වසරේ මාර්තුමාසයේ ආදායම බිලියන 2.2ක් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි රට විනාශ කිරීමට සුදානම් වන්නේ නම්, ඊට එරෙහි අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන නායකයන් තිදෙනා පෙරමුණු තුනකින් තරග කිරීමට සැලසුම් කර ඇතැයි 'දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කොට තිබේ.හෙට (06) පෙ.ව. 7.30 සිට 10දා සවස දක්වා මෙය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම් මෙන්ම එම සංවිධානයේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයාද වන හවුලියන් සු මහතා අද (04)දිවයිනට පැමිණිමට නියමිතය.

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ මූලික විමර්ශන කටයුතු පසුගිය සිකුරාදා අවසන් කෙරුණු බව මහ බැංකු ආරංචි මාර්ග අනාවරණය කරයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us