ජාත්‍යන්තරයට මංගලවම ඕනෑ වෙයි

Published in පුවත්
Monday, 24 August 2015 14:55

මෙවර විදේශ අමාත්‍ය තනතුර මංගල සමරවීර මහතාගෙන් ගැලවී යනු ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැතියද අවසානයේදී එම තනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපදෙස් මත එම තනතුරට වඩා සුදුස්සා සමරවීර මහතා වූ බැවින් ඔහුවම ඒ සඳහා පත් කිරීම සිදුවිය.එමෙන්ම රාජ්‍යය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබුණු බැවින් විදේශ අමාත්‍යධුරය වහා පි‍රැවීමට සිදුව තිබිණි.


ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද දින විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත් කරන ලදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන් එතුමා විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි විශ්වාසවන්ත හා ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට කැපවෙන බව අවධාරණය කළේය.

මෙම පත්වීම මහා මැතිවරණයේ ලබාගත් ද්විත්ව ජයග්‍රහණය අනුගත කරන අතර තම ඡන්ද කොට්ඨාසය වූ මාතර ආසනය එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතේ ජයග්‍රහණය කල ආසන දෙකෙන් එකක් විය. තවද මාතර දිස්ත්‍රික්කයේ එ.ජා.ප ය ජයග්‍රහණය කර එකම ආසනයද එයයි. එසේම 2010 තමන් ලැබූ මනාප මෙන් දෙගුණයක් මෙම මැතිවරණයේ ලබා ගැනීමටද ඔහු සමත් විය.

අමාත්‍ය සමරවීර මහතා මෙම අමාත්‍යධුරය දරන තෙවෙනි අවස්ථාව මෙයයි. මීට පෙරාතුව 2005 නොවැම්බර් සිට 2007 ජනවාරි දක්වා පළමු වරටත් 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා දෙවැනි වරටත් මෙම අමාත්‍යධුරය හෙබවීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යාන්තර ප්‍රජාව විසින් ජනවාරි 8 විප්ලවයෙන් පසු අප වෙත ලබා දුන් අතිවිශාල කීර්ති නාමය මහත් උනන්දුවෙන් තව තවත් ගොඩ නගන බවය. තවද ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර මහා මැතිවරණයේ ජනතාව විසින් ලබා දුන් තීරණාත්මක ජනවරමෙන් පැහැදිලි වන බවත් අවධාරණය කළේය.

වෙළද, සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගත් රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු ප්‍රතිපත්තියට හදුන්වාදෙන බව හෙතෙම පැවසීය. තවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදු කල යුතු බවට අවධාරණය කළේය.

 

එමෙන්ම අධිකරණ ඇමැතිධුරය  විජේදාස රාජපක්ෂ මහතාටද පුනරුත්තාපන හා නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය තනතුර ස්වාමීනාදන් මහතාටද ලබා දෙනු ලැබීය.

mangala-24

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us