මං වෙනුවෙන් ආයාචනා කරන්න එපා - රෝසිගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Monday, 24 August 2015 17:28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය නිකුත් කළ නිවේදනය

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

අප පක්‍ෂය ශ්‍රේෂ්ඨ උරුමයක් ඇති විනයගරුක පක්‍ෂයකි. පරාජිත අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කර නොගැනීම අපගේ පක්‍ෂ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය රැකීමට අපි සියල්ල බැඳී සිටින්නෙමු.

එහෙයින් එවැනි එක්රැස්වීම් හෝ නිරර්ථක ආයාචනා හෝ සිදු නොකරන ලෙස මම ඉතා කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි පියවරක් ඇත. ඒ මනාප නැවත ගණන් කරන මෙන් ඉල්ලා සිටීමයි. මම පක්‍ෂ නායකතුමාගේ ද අවසරය ඇතිව ඒ ඉල්ලීම කිරීමට කටයුතු කරන්නෙමි.
එහි ප්‍රතිඵලය අනුව සමහර විටෙක මට නැවත පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව ලැබෙනු ඇත. සමහර විටෙක නොලැබෙන්නටද පිළිවන. ඒ කුමක් වුව ද, පක්‍ෂය සහ මගේ ආදරණීය ඡන්ද දායකයින් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ද, රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බව ද අවධාරණය කර සිටින්නෙමි.

2015.08.24

--

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us