ශ්‍රීලනීපය දෙකට කැඩෙන කතා බොරු, මහින්ද - විමල්ගේ පදයට නටයි

Published in පුවත්
Tuesday, 25 August 2015 09:56

ශ්‍රී ලංකා නිදහස පක්ෂය දෙකඩ වන බවත් එහි මහින්ද පාර්ශ්වය නියෝජනය කළ පිරිස ආණ්ඩුවට එරෙහිව යන බවටත් ප්‍රචාරය කෙරෙමින් පවතින කතාවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව හෙළිවේ.

විමල් වීරවංශ මහතා සන්ධානයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතාව ඉදිරියෙන් තබාගෙන වෙනම දේශපාලන ගමනක් යෑමට සූදානම් වෙමින් සිටියද ඒ වෙනුවෙන් රාජපක්ෂ පවුලේ දැඩි විරෝධය එල්ල වී ඇත. මේ අතර වීරවංශ මහතාගේ සැලසුම විපක්ෂ නායකධුරය ලබා ගැනීම වුවත් එයට ශ්‍රී ලනිපයේ ද විරුද්ධත්වය පලවී ඇත. එනමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයට වී ආණ්ඩු විරෝධී ප්‍රදර්ශනකාමී දේශපාලනයක නිරත වීමෙහි දැඩි කැමත්තකින් පසුවන බවත් අවස්ථාවල ලද හොත් හිරබත් කෑමට වුව සූදානමින් ඔහු සිටින බවත් දැන ගැනීමට තිබේ. (ඇතැමුන් කියන්නේ තවත් අලෙවි මවුලානා කෙනෙකු මෙරට දේශපාලනයට එකතුවනු ඇති බවය.) රාජපක්ෂ මහතාට ඇති විශාලම ගැටලුව වී ඇත්තේ යෝෂිත රාජපක්ෂට එරෙහිව එල්ලවෙමින් පවතින තාජුඩීන් ඝාතන චෝදනාවය. ඔහු ආණ්ඩුවට මෙල්ලවී සිටින්නේ එම හේතුව නිසා බවද දැනගැනීමට තිබේ.

කෙසේ නමුත් දෙමළ ජාතිකයකුට විපක්ෂ නායකධුරය යෑම වලක්වා ගැනීමේ වුවමනාවත්, වීරවංශ මහතට එම අවස්ථාව ලබාදීම වැලැක්වීමෙත් වුවමනාව මත ව්‍යාජ විපක්ෂයක් තනා ගැනීම වෙනුවෙන් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ දෙකඩ වීමක් ශ්‍රී ලනීපය, සැලසුම් කර ඇත.

වීරවංශ මහතාට විපක්ෂ නායකධුරය ලබා දීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයට එක්වී එම තනතුර මෛත්‍රීපාල සිරිසේන මහතාට පාලනය කර ගත හැකි පුද්ගලයකු වෙත ලබා දියයුතු බව ශ්‍රී ලනීපයේ ඇතැම් ජේෂ්ඨයකුගේ අදහස් වී තිබේ.
තව වසර දෙකකදී ජාතික ආණ්ඩුවෙහි කාලය අවසන් වීමෙන් පසුව ශක්තිමත් විපක්ෂයක් ලෙස හෝ ආණ්ඩු බලය දිනා ගැනීම වෙනුවෙන් හෝ ශ්‍රී ලනීපය සූදානමින් තබා ගත යුතු බව ජනාධිපතිවරයාගේ ද අදහස වී ඇති බව ශ්‍රී ලනීප ජේෂ්ඨයන් පවසති.

මෙහිදී තවත් දේශපාලන අනාගතයක් නොමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ කණ්ඩායම විපක්ෂයට එක්වී කටයුතු කිරීමෙහි ද ගැටළුවක් නොමැති බවද ශ්‍රී ලනීප ජේෂ්ඨයන්ගේ මතය වී තිබේ. එමඟින් එජාපයේ යම් ක්‍රියාකාරකම් පාලනය වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන්ම ඉදිරි වසර පහ තුලදී ශ්‍රී ලනීපය වඩා ශක්තිමත් ප්‍රතිපත්තිගරුක පක්ෂයක් ලෙස ගොඩ නැගීමට ජනාධිපතිවරයාට කාලය ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Last modified on Tuesday, 25 August 2015 11:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us